පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සහ මෙරට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පැවැත්වුණු අතර එහිදි කෘෂි, වෙළද, සංචාරක සහ තාක්ෂණ ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන බව රජයේ ප්‍රෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති වෙළඳ හා අයෝජන සමුළුකට ද පකිස්ථාන අගමැතිවරයා එක් වුණා.
බියගම ප්‍රදේශයේ නිවසකට පැමිණි කණ්ඩායමක් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව සදහන් කරමින් එම නිවසේ මුදල් සහ භාණ්ඩ කොල්ල කා තිබෙන බව වාර්තා වෙනවා. එම කණ්ඩායම විසින් රුපියල් 58,000ක මුදලක් සහ ජංගම දුරකථන 4ක් මෙලෙස කොල්ලකා ඇති බව වාර්තා වන අතර මේ වන විට සැකකරුවන් 05 දෙනකු ඒ සිද්ධිය පිලිබදව පොලිසිය විසින් අත් අඩංගුවට […]
46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව පිලිබදව විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ එම විවාදය ඇරඹීමට නියමිතව ඇති අතර මේ පිලිබදව අදහස් දැක්වීමට ද රටවල් සහ සංවිධාන 40ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී තිබෙන බව වාර්තා වෙනවා.
2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු අදියර හෙටින් (25) අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මස 01වන දින සිට මාර්තු 10වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ මාර්තු මස 15වන සඳුදායි.
ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 492 දෙනෙකු මෙරටින් අලුතින් හදුනා ගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් ඊයෙත් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 103 . මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 ක් වාර්තා වුණා. ඊයේ දිනය තුළ අලුතින් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ නම්,
ඊයේ දිනයේදී සිදු වූ රිය අනතුරු11 කින් පුද්ගලයින් 12 දෙනකු මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මියගිය අය අතර අතර යතුරු පැදි කරුවන් 08 දෙනකු හා පදිකයින් දෙනෙක් ද මගින් දෙදෙනෙක් ද වනවා.
මහා වංශය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ තබා ඇති මහා වංශය පුස්කොළ පොත ලෝක උරුමයක් ලෙස නම් කෙරෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
උසස් වීම නොමැති වීම නිසා පොලිසියේ පොලිස් රියදුරන් හා සැරයන්වරුන් 235 දෙනකු අධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් කොමිසම හා එහි සභපති, ඇතුළු සාමාජිකයින් 11 දෙනකු නම් කර තිබෙනවා.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට ද නියමිත අතර පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතව තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 492 දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 75,842 ක් ලෙසයි. මේ අතර ඊයේ දිනය තුල කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති අතර […]
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරනවා. ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන් ද විනය පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.