අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක මිල අද දිනයේ සිට පහත දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට පාරිභෝගික ජනතාවට සතොස, සමූපකාර සහ කියු ෂොප් අලෙවි සැල් හරහා එම භාණ්ඩ අඩු මිලට ලබා ගැනීමට හැකි වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කලේ ඉදිරි මාස 03ක කාලය සඳහා අත්‍යාවශ්‍ය […]
ඌව,නැගෙනහිර,උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. උතුරු, […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ හිටපු කථානායක වී.ජ.මු ලොකුබණ්ඩාර මහතා අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර ඇතැයි වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ සිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා තවත් කොවිඩ් මරණ 5ක් පිළිබඳ තොරතුරු තහවුරුකර තිබෙනවා. කොළඹ 15, වක්වැල්ල, වැලිමඩ, පමුණුගම සහ දුම්මලසූරිය යන ප්‍රදේශවලින් අදාළ මරණ වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 5 දෙනෙක්. ඔවුන් අවුරුදු 61ත් 84ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් […]
නව ආසාදිතයින් 410 දෙනෙකු හඳුනානෙ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 772ක් බවයි එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 807 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව […]
ඉන්දියාවේ උත්තර්කාණ්ඩ්හි ග්ලැසියර තට්ටු කිහිපයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව තිබෙනවා. හිමාල කඳු මුදුනේ පිහිටි ග්ලැසියර තට්ටු කිහිපයක් එලෙස කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ආශ්‍රිත ගංඟාවල ජල මට්ටම් ඉහළ යාමෙන් හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති අතර ඉන් දේපළ රැසකට ද […]
වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට රාත්‍රී 10 සිට අඟහරුවාදා පස්වරු 4 දක්වා හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් 362 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 64,937ක්.
හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව බොරැල්ල පොලිස් වසමේ ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ වේළුවන පාර (දෙමටගොඩ) යන ප්‍රදේශත් පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් වනු […]
මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගියා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් මරණ 8ක් පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමගයි. කොච්චිකඩේ, කඩවත, මොරටුව, කැළණිය, කොළඹ 14, කොළඹ 13, මහරගම සහ මුන්දලම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 8 දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා. ඔවුන් අවුරුදු 48ත් 85ත් […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 383 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 726ක්. මේ අතර වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 1133 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව ගියා. ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ […]
බූස්ස – රූපීවල, මලිදූව ප්‍රදේශයේ නිවාස දෙකකින් කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු දෙකක් අද දහවල් පොලිසිය සොයා ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුවයි. මලිදූව ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත්තේ 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් වන අතර පොලිසිය පැවසුවේ ඔහුගේ සිරුරේ කැපුම් තුවාල දක්නට තිබූ බවයි. ඒ හේතුවෙන් එම මරණය සැක සහිත බව ද […]