News Line| Off Air
Generic placeholder image

Jan
26

ලබන 28 වෙනිදා කොවිඩ් එන්නත් ලක්ෂ 05ක් මෙරටට

Generic placeholder image

ඇස්ට්‍රාසෙන්කා කොවිඩ් -19 එන්නත් ලක්ෂ 05ක් මේ මස 28 වෙනිදා ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන බවට අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පිලිබදව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


Jan
26

කැලණියේ සිට අතුරුගිරියට කණු මතින් දිවෙන නව අධිවේගී මගකට සැලසුම්

Generic placeholder image

පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරියේදී සම්බන්ධ වන පරිදි රාජගිරිය හරහා කැලණිය නව පාළම දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය (Elevated expressway) ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවාට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකර තිබෙනවා.


Jan
26

සතියක් තුළ රිය අනතුරු වලින් මිනිස් ජීවිත 30ක් බිලි

Generic placeholder image

ගෙවුණු 17 දින සිට 23 දින දක්වා සතියක් තුළ දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබෙන බව පොලිසිය සදහන් කරනවා. එමෙන්ම 90 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම සතියක කාලය තුල රිය අනතුරු 427 ක් සිදුව ඇති බව ද සදහන්. ගෙවුණු පැය 24 ක කාලය තුල ද […]


Jan
26

පාසල් බස්රථ රියැදුරන් තිදෙනෙකුටත් කොරෝනා

Generic placeholder image

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් 1,000කට අධික පිරිසකට සිදු කරනු ලැබූ අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් ඉන් තිදෙනෙකුට කොරෝනා අසාදිත බව හදුනා ගෙන තිබෙනවා. එමෙන්ම ගතවු පැය 24 තුළ බස්නාහිර පළත තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 24 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


Jan
26

පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගනි

Generic placeholder image

හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරියක් සිය නිවස තුල ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. දෙදරු මවක් වන එම කොස්තාපල්වරිය සිය දිවි හානි කරගෙන මෙලෙස මිය ගොස් ඇත්තේ ඇයගේ වැඩිමහල් දරුවා අසනීප තත්වයෙන් පසු වීම නිසා සිය සැමියා ඒ පිලිබදව සැලකිලි නොදැක්වීම නිසා ඇති වූ කනස්සල්ල නිසා බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් සිද්ධිය පිලිබදව […]


Jan
26

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

Generic placeholder image

වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් දහසක් කිරීම පඩි පාලක සභා හරහා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය මේ තීන්දුවට එළඹ තිබේ. වතු […]


Jan
26

මීටියාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Generic placeholder image

මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා. ඊයේ සවස අදාල පුද්ගලයාව තියුණු ආයුධ වලින් පහර දී ඔහුගේ එක අතක් ද වෙන්වන සේ කපා දමා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ . මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 24 හැවිරිදි තරුණයෙකි.


Jan
26

මොඩර්නා එන්නත ගැන නවතම පරීක්ෂණයකින් හෙළිවූ දේ

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව මේ වන විට ලොව පුරා නිපදවා ඇති එන්නත් අතර භාවිතා කෙරෙන මොඩර්නා එන්නත කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවද ක්‍රියාත්මක වන බව මේ වන විට කරන ලද පරීක්ෂණ තුලින් තහවුරු වී තිබෙනවා.


Jan
26

ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737 ක් හදුනා ගැනේ

Generic placeholder image

ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 737ක් හදුනා ගත් අතර ඒ අනුව මේ වන විට මෙරට හදුනා ගත් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 59, 167 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල තවත් ආසාදිතයින් 653 දෙනකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත කොරෝනා කොරෝනා […]


Jan
26

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක ප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.


Jan
25

ප්‍රතිකාර ලබමින් සිටින ශානි අබේසේකර පාස්කු කොමිසමට ස්කයිප් ඔස්සේ සාක්ෂි දෙයි

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි දෙමින් සිටිනවා. ඒ, ස්කයිප් තාක්ෂණය ඔස්සේයි. රිමාන්ඩ් භාරයේ පසු වන ශානි අබේසේකර මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතුරතුර ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.


Jan
25

මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරේ

Generic placeholder image

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා. ඒ, ඔවුන් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීමෙන් අනතුරුවයි‍.


News Articles
Latest Videos
Most Popular Post