ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ.
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල […]
දුම්රිය මාර්ගයේ අලුත්වැඩියාව හේතුවෙන් මහව සිට යාපනයට යන දුම්රිය මාස 05කට නතර කිරීමට සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අද (28) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත […]
දුම්රිය මැදිරියක අද (25) හදිසියේ ඇතිවු ගින්නකින් එම දුම්රිය මැදිරිය විනාශ වී තිබෙනවා. රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ දුම්රිය මැදිරියක් එලෙස ගිනිගෙන විනාශ වූ බව වාර්තා වෙයි.
දිවංගත ඩී.ඒ. රාජපක්ෂගේ 55වන ගුණ සමරුව නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ ගුණ සමරු දේශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වී තිබේ. මෙම උළෙලේ මුලසුන මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු අභ්‍යාස ආයතනාධිපති පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී හිමි විසින් හොබවා තිබුණි. එම ගුණ සමරු දේශනය ඇතුළත් කෘතිය එහිදී ජනාධිපති රනිල් […]
ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
ගුරු වෘත්තිය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. ඒ අනුව විද්‍යා පීඨ 19 එකතු කර නිර්මාණය කරන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය හරහා අවුරුදු 4 ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පසු පාසල් පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුකරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4 […]
ඉන්ෆ්ලුවෙන්සාවලට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් කොවිඩ් රෝගය හා සැසදීමේදී මෙම රෝගයෙන් සංකූලතා ඇති වීම සාපේක්ෂව අවම බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝග ලක්ෂණ සහිත මෙම රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝවීමේ අවදානමක් ද පවතින […]
අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.