ගම්පහ දිස්ත්‍රික්කයේ මේ දක්වා හුදෙකලාකර තිබූ ප්‍රදේශ තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ගම්පහ – වත්තල පොලිස් වසමේ, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් දූවවත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ, හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමට අයත් වෙඩිකන්ද […]
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි මන්ත්‍රීවරයා අද උදෑසන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. අදාළ පණිවිඩයේ මන්ත්‍රීවරයා දක්වා තිබුණේ තමන් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වී ඇති බවයි. මේ අතර මන්ත්‍රීවරයාව සමීපව ඇසුරු කළ තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු හඳුනාගෙන […]
කොළඹ ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ ස්ථාන තුනක් හෙට උදෑසන 5 සිට එම තත්ත්වයෙන් මුදා හරින බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා. ඒ අනුව කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, පංචිකාවත්ත සහ දෙමටගොඩ යන ප්‍රදේශ හෙට සිට හුදෙකලා බවින් ඉවත් වනු ඇති.
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව බොරැල්ල – ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.
නව කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිය දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ තිබීම හේතුවෙන් එහිදී එතුමා ආශ්‍රය කල සමිපත අශ්‍රිතයින් හදුනා ගැනීම සදහා පාර්ලිමේන්තු cctv පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 9 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 90,077,450 ලෙසයි. ලොව වැඩිම කොරෝනා බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාව වන අතර ගෙවුණු පැය 24 තුල එරටින් ආසාදිතයින් 249,519ක පිරිසක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,235ක්.
ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානය, පුද්ගලයන් 62 ක් සමග බටහිර කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර අතුරුදහන් වුවා. යානය අනතුරට ලක්වනු දුටු බව පැවසෙන ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් සදහන් කරන පරිදි එම ප්‍රදේශයේ මුහුද අවට මේ වන විට සෝදිසි මෙහෙයුම් සඳහා නෞකා 10ක් යොදවා තිබෙන බව වාර්තා […]
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට […]
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 229 දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා වෛරසය වැළඳී මිය ගිය සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු මීට සුළු මොහොතකට පෙර වාර්තා වීමත් සමගයි. එලෙස මිය ගියේ ගල්කිස්ස, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය හා ඕපනායක යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
අද දිනය තුළ කොරෝනා වෛසරය ආසාදනය වූවන් 535 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන්නේ 18 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන් වන අතර සෙසු ආසාදිතයින් 517 දෙනා වාර්තා වුණේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසයි. බන්ධනාගාර ආසාදිතයින් 18 දෙනා ද ඇතුළුව ආසාදිතයින් 297 දෙනෙකු අද පස්වරුවේ හඳුනා ගැනුණා. තවත් ආසාදිතයින් 238 දෙනෙකු වාර්තා […]
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වී අතුරුදන් වූ බෝයිං 737 වර්ගයේ යානයේ බවට සැක කෙරෙන සුන්බුන් ජකාර්තා නුවරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයෙන් හමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අද පස්වරුවේ අදාළ යානය ගුවන්ගත වී තිබුණේ, ජකර්තා අගනුවර සිට බෝර්නියෝ දූපත් බලා පියාසර කිරීම සඳහායි. ඒ වනවිට එහි ගුවන් මගීන් 56 දෙනෙකු පමණ සිට ඇති බවයි විදෙස් මාධ්‍ය […]
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරින් ගුවන්ගත වූ යානයක් ගුවන් පාලක මැදිරිය සමග තිබූ සබඳතා බිඳ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අදාළ යානය ජකර්තා අගනුවරින් ගුවන් ගත වී මිනිත්තු 5කට පසුව ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටී ඇති බවයි. ගුවන් යානය ජකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් […]