News Line| Off Air
Generic placeholder image

Jan
11

නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම ආදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම මතයි. මේ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩ කිරීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් […]


Jan
11

ආශ්‍රිත මන්ත්‍රීන් ගණන ඉහළට – පාර්ලිමේන්තු සභා ගර්භය විෂබීජහරණය කෙරේ

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වීමත් සමග මේ වනවිට ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා. එලෙස නිරෝධායනයට යොමුකර ඇත්තේ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරළ, එම්.ඒ. සුමන්දිරන්, එස්. රාසමානික්කම්, ෆයිසාල් කාසිම්, එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, නසීර් අහමඩ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්. ඔවුන් පසුගිය 5 වැනිදා පැවැති පාර්ලිමේන්තු […]


Jan
11

අනතුරට ලක් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

Generic placeholder image

අතුරුදහන් වූ බවට සැලකෙන ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. මිට අමතරව එම ගුවන් යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබෙන අතර වැඩි දුර විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ. යානයේ ගමන්ගත් පුද්ගලයන් පිලිබදව මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති අතර එම පුද්ගලයින් අතර ළමුන් 10 දෙනෙක් සිට ඇති බවයි පැවසෙන්නේ.


Jan
11

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙක් සියලු පාසල් අද ඇරෙයි

Generic placeholder image

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. නිසි සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව පාසල් විවෘත කෙරෙන අතර ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ද අධ්‍යාපන බලධාරීන් සදහන් […]


Jan
11

සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව පොලීසියෙන් අද සිට විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

වත්මන් තත්වය හමුවේ රජය සහ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපැදීම පිලිබදව පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරිමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ අනුව 2020 ඔක්තොම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ සදහන් පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව ආයතනයන් පවත්වා ගෙන යා යුතු ආකාරය පිලිබදව අවදානයෙන් යුක්තව අදාල […]


Jan
11

කොරෝනා එන්නත් ලබන මස සිට මෙරට රෝගීන්ට

Generic placeholder image

කොරෝනා වෙෙරසය මර්දනය සදහා එගලන්තය සහ ඇමරිකාව නිපදවූ එන්නත් ලබන මස සිට මෙරට භාවිතයට ගැනීමට සැළසුම්කර තිබෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සහ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබන මස සිට මෙරට රෝගීන්ට එන්නත් කිරීමට සැළසුම්කර ඇති බවයි. ඒ අනුව දැනටමත් හදුනාගෙන […]


Jan
11

මෙරට කොරෝනා මරණ ගණන 232 දක්වා ඉහළට

Generic placeholder image

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 232 දක්වා ඉහළ ගියා. ඒ, කොරෝනා ආසාදිතව සිට මිය ගිය තවත් තිදෙනෙකු පිළිබද ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමගයි. එලෙස මිය ගියේ, මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 14 හා රත්නපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්. ඔවුන් අවුරුදු 62ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ […]


Jan
11

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තව දුරටත් වැසි

Generic placeholder image

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. […]


Jan
10

ආසාදිත හකීම්ගේ ආශ්‍රිතයින් ගණන තවත් ඉහළට – මන්ත්‍රීවරුන් 10ක් සහ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙක් ඒ අතර

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. පසුගිය 5 වැනිදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, එම්.ඒ. සුමන්තිරන්, සාන්‍යකියන් රාසමානික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සමඟ සමීපව සිට කතාබහ කරන අයුරු CCTV දර්ශන මගින් හඳුනා ගෙන තිබුණා. ඊට අමතරව ශ්‍රී […]


Jan
10

තවත් ආසාදිතයින් 236 දෙනෙකු හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 236 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 536 දක්වා ඉහළ යනු ඇති.


Jan
10

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය තවත් ආසාදිත රැඳවියෙකු අත්අඩංගුවට

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් තවත් රැඳවියෙකු සොයා ගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනුණා. ඒ, නාරම්මල, බෝගහපිටිය ප්‍රදේශයේ රැඳී සිටියදීයි. මේ අතර පැන ගිය ආසාදිත රැඳවියන් අතර සිටි 52 හැවිරිදි නිමල් වසන්ත හෙවත් ‘ගැටයා’ නමැති රැඳවියා ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව ප්‍රදේශයේදී පසුගිය 6 වැනිදා අත්අඩංගුවට පත් වුණා. ඔහු […]


Jan
10

නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි – 487 දෙනෙකුට සුවයි

Generic placeholder image

තවත් නව කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින් ඇසුරින් හඳුනාගත් ආශ්‍රිතයින්. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 44,382ක් ලෙසයි. මේ අතර වෛසරය ආසාදනය වී සිටි තවත් 487 දෙනෙකු සුවය […]


News Articles
Latest Videos
Most Popular Post