රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා මේ වනවිට හික්කඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා. ජයසේකර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තමන් ස්වෙච්ඡාවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු වූ බවයි. […]
ගිරිඋල්ල සහ පූජාපිටියේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයේ පන්නල – මුම්මාන හා වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් සහ පූජාපිටියේ කොස්කොටේ ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ භාරයේ පසුවන පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ, පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා මත එම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් එලෙස නඩු පවරා ඇති බවයි. ඒ අනුව අදාළ අධිකරණයේ නඩු පවරා ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් […]
ගත වූ පැය 24 ක කාලය තුල නිරෝධායනය කඩ කල පුද්ගලයින් 26 දෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින මේ දක්වා නිරෝධායනය නීති කඩ කිරීම් හේතුවෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2361 ක්. මොවුන් සියලු දෙනා මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීම නිසා […]
වයස අවුරුදු 60 ක් පමණ යාචක පුද්ගලයෙකු ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් කටයුතු කර තිබෙන අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා මිය ගොස් තිබෙනවා. ඔහුගේ මෘත ශරීරය රජයේ වියදමින් භූමදානය කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබෙන අතර අදාල මිය ගිය පුද්ගලයා සතු ගමන් මල්ල පරීක්ෂා කිරීමේ […]
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල, උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතකර තිබෙනවා. ඒ අනුව තෙල්දෙණියාය, උල්හිටිය, රොටලවල ඇතුළු පහත්බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම ස්ථිරවම අතිහිටුවීමට ට්විටර් සමාගම පියවර ගෙන තිබෙනවා. එම සමාගම පැවසුවේ, ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලයේ ඔහුගේ ට්විටර් ගිණුමේ පළ කළ පණිවුඩ සමාලෝචනය කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹි බවයි. ට්‍රම්ප්ගේ ආරධාරකරුවන් වොෂිංටන් නුවර කැපිටල්හිල් ගොඩනැගිල්ලට කඩා වැදී ඊට හානි කිරීමේ සිද්ධියත් සමග මින් පෙර පැය 12ක කාලයක් […]
මෝරුපොළ ප්‍රදේශයේ සිදුකළ ලේ දන්දීමේ වැඩසටහනකට එක් වූ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම අසාදිතයින් හා ඔවුන් ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා. එමෙන්ම ලේ දන් දුන් පිරිස් අතර කොරෝනා ආසාදිතයින් සිටින බවට මේ වන විට ලේ බැංකුවට දැනුම් දුන් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
දඩ මුදල් ගෙවීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සියලු රැඳවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාව යටතේ මුදා හැරීමට අද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම රැඳවියන්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය […]
පොළොන්නරුව – පුලස්තිපුර, කෑගලුගම ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළී යාමෙන් පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් පරාක්‍රම සමුද්‍රයට සම්බන්ධ ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට පොළොන්නරුව මහරෝහල සහ පුලස්තිපුර යන රෝහල්වල ප්‍රතිකාර […]
කොරෝනා වෛරසය වැළඳී මිය ගිය තවත් තිදෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14, රත්නපුර සහ හොරණ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 225 දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :