අද දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. අද පස්වරු කාලයේ ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගත් අතර රාත්‍රී කාලයේ තවත් ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව […]
මාස 7ක දරුවෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ බිළිදාගේ මවද කොරෝනා ආසදිතයෙක් බවට හදුනාගැනීම නිසා බිලිදාට ද සිදු කල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණකින් . එම බිලිදා සහ මව ත්‍රිකුණාමලය, ශ්‍රීමාපුර ප්‍රදේශයේ පදිංචි බව වැඩි දුරටත් සදහන්.
චීනයේ ” ශිජිආශුආන්ග් “නම් නගරය මිලියන 11 ක ජනතාවක් සමග හුදකලා කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 100 අධික පිරිසක් හදුනා ගැනීමත් සමගයි. මේ අනුව නගරයට දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර එම නගරවාසීන්ට එම නගරයෙන් පිට වීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
වවුනියාව ප්‍රදේශයේ එකම පවුලේ 05 දෙනකුම කොරෝනා ආසාදිතයින් බව හදුනා ගත් අතර එහිදී ඔවුන්ගේ සමීපතමයින් pcr පරීක්ෂනයට යොමු කර අතර එහිදී එම පුද්ගලයින් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.
කුරුණෑගල ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයේ මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා. ඒ අහමු ලෙස සිදු කල පී.සී.ආර්.පරීක්ෂණ තුලින් එම ප්‍රදේශ වල පුද්ගලයින් 26 දෙනකුටම කොරෝනා ආසාදිත බව හදුනා ගැනීමත් සමගයි.
ලොව ධනවත්ම පුද්ගලයා බවට ඉලෝන් මස්ක් පත්වී තිබෙනවා. ඔහු ටෙස්ලා සහ ස්පේස් X යන සමාගම් වල හිමිකරු වන අතර මීට ප්‍රධාන හේතු වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ සමාගමේ වත්මන් තත්වයයි. එම සමාගම ලෝකයේ සුපිරි මෝටර් රථ සමාගම් වන ටොයෝටා, වොක්ස්වැගන්, හුන්ඩායි, වැනි සමාගම්වල කොටස් වල තිබෙන වටිනාකම් ඉක්මවා ගොස් තිබෙනවා. ඉලෝන් මස්ක් ගේ සමස්ත ධනය […]
ලෝක වසංගත තත්වයක් හමුවේ සෑම දෙනාගේ ම ජිවිත යම් පසු බෑමකට ලක්ව තිබෙන මොහොතක සමාජයේ වෙසෙන පුද්ගලයින් ගේ මනසට ද මේ තුලින් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව දක්නට ලැබෙනවා. මේ අතර විශේෂයින්ම ගර්භණි කාන්තාවන්ගේ මානසික තත්වයට මේ කොරෝනා වසංගතය තුලින් දැඩි බලපෑමක් ඇති කරන බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ කාසල් වීදියේ කාන්තා රෝහල […]
කොරෝනා හේතුවෙන් වසා දැමුණු උපකාරක පන්ති යළි ලබන 25 වෙනිදා සිට සෞඛ්‍ය උපදෙස් ට යටත්ව විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.
අවමංගල්‍ය උත්සවයකට සහභගි වූ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත් කර තිබෙනවා. සිද්ධිය සිදු කල ඝාතකයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී තිබෙන අතර සැකකරු සිදු කල පාපොච්චාරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට උත්සහ දැරීමේදී අදාල කාන්තාව සිය රියට යට […]
ලෝක වසංගතයක් වූ කොරෝනා වෛරසය ආරම්භය සෙවීමට චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරට යාමට සැරසුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂක කණ්ඩායමට චීන රජයෙන් අවසර ලබා දී නැති බවට එම සංවිධානයෙ ප්‍රධානි චෝදනා කරනවා. 10 දෙනකින් යුත් මෙම කණ්ඩායම දෙදෙනකු පලමුවෙන් ම චීනය බලා පිටත් ව ගොස් තිබෙන අතර කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ට චිනයට ඇතුල්වූ වීමට තවමත් […]
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා. ඒ එම පරිශ්‍රය තුල කොරෝනා ආසාදිතයෙක් හමුවීම හේතුවෙන්.
මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළුවක් ලෙස මළ අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවධානමක් ඇති බවට හදුනා ඇති බව පැවසෙනවා. මේ පිලිබදව ද වැඩි දුරටත් අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කලේ භූගත ජලයට මල අපද්‍රවය එක්ව්මින තුලින් එහි ගුණාත්මක හාවයට දැඩි හානියක් ඇති කර ඇති බවයි. මේ අනුව ඉදිරියේදී මළ අපද්‍රව්‍ය […]