කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ කොරෝනා වෙෙරසය විනාශ කළ හැකි බව පැවසෙන ඖෂධය අද උදෑසන ජනතාවට නොමිලයේ බෙදා දුන්නා. දේශීයව නිෂ්පාදනය කළ එම ඖෂධය ලබා ගැනීම සදහා විශාල පිරිසක් වෙද මහතාගේ නිවස ආසන්නයට පැමිණ සිටි බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ 5000කට අධික පිරිසක් රැදී සිටින බවත් එලෙස පැමිණි ජනකාය හේතුවෙන් දැඩි අවදානමක් […]
2021 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ඇතුළත් චක්‍රලේඛය නිකුත්කර තිබෙනවා. විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි. එම චක්‍රලේඛය පහතින් :
දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීම මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එම කොමිසමට ඉදිරිපත් වූ පැමිණිලි එකසිය අනූ අටකට අදාළ කරුණු එම වාර්තාවට ඇතුළත් බවයි කොමිසමේ ලේකම්වරිය පැවසුවේ.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් තවදුරටත් වසා තැබීමට තීරණයකර තිබෙනවා. අදාළ පාසල් හෙට දිනය තෙක් වසා දැමීමට මින් පෙර පියවර ගෙන තිබූ අතර ලබන සිකුරාදා දක්වා තවදුරටත් ඒම පාසල් වසා තැබීමටයි බලධාරීන් තීරණයකර ඇත්තේ.
ඇමරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ එන්ටෙක් සමාගම් එක්ව නිෂ්පාදනය කළ කෙරෝනා මර්දන එන්නත අද සිට බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීමට එරට රජය තීරණයකර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. කොරෝනා වෙෙරසය මර්දනය සඳහා සියයට 95ක ඵලදායීතාවක් ඇති බව තහවුරු වූ […]
“තම්බපවනි” නමැති මන්නාරමේ ඉදි වූ විශාලතම සුළං විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක්. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති. සුළං […]
කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලුම අතුරු මාර්ගවල හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය දැනුම් දෙන්නේ, ඒ අනුව හෙට උදෑසන 9 සිට අනිද්දා උදෑසන 9 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදු […]
මෙරට ග්‍රාමීය සහ අර්ධ නාගරික වැසියන්ගේ සැබෑ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමඟ යළි ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14වැනිදා සිට දියත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඒළැඹෙන 14වැනිදා සිට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, පාර්ලිමේන්තුවේ පැවැති […]
ගත වූ පැය 24 තුළ මුව ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම ඇතුළු නිරෝධායන නීති කඩ කළ තවත් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පසුගිය ඔක්තෝබර් මස අග භාගයේ සිට මේ දක්වා කාලය තුළ අදාළ නීති කඩ කළ පුද්ගලයින් 1,151 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස […]
මන්නාරමේ ඉදි වන විශාලතම සුළං විදුලි බලාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් එකම විදුලි බලාගාරය මෙය වන අතර ඒ යටතේ මෙගා වොට් 100ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මුදා හැරෙනු ඇති. සුළං කුළුණු 33කින් සමන්විත මෙම බලාගාරය හරහා මෙම විදුලි ඒකකයක් නිෂ්පාදනයකර ගැනීම සදහා වැය වන්නේ […]
බන්ධනාගාර රැඳවියන් 8,000ක් පමණ කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ වැඩිවෙමින් පවතින සිරකරුවන්ගේ සංඛ්‍යාව සැළකිල්ලට ගනිමින් බන්ධනාගාර තදබදය අවම කිරීම සදහා මෙම පියවර ගන්නා බවයි. මේ වනවිට රට පුරා බන්ධනාගාර 28ක රැඳවියන් 28,951 දෙනෙකු සිටින බව පෙන්වා දුන් ලොහාන් […]
දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටඨාස අාවරණය වන පරිදි ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා.