බොරැල්ල, හල්ගහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකු ඝාතනයකර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තවත් තරුණයෙකු අදාළ තරුණයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ. බරපතල කැපුම් තුවාල සහිතව ජාතික රෝහලට ඇතුළත් කළ ඒම තරුණයා ඊයේ ඒහිදී මියගොස් තිබෙනවා. ඒලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ලේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඒම ප්‍රදේශයේම […]
අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි අැති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, නැගෙනහිර පළාතේත් යාපනය, මුලතිව්, කිළිනොච්චි, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි. ඒමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. කොළඹ ප්‍රදේශයේ පදිංචි, එහෙත් නිශ්චිත ස්ථානයක් පිළිබඳ අනාවරණ වී නොමැති පුද්ගලයෙක් සහ කොළඹ 13 – ජම්පටා වීදියේ පදිංචිව සිටි පුද්ගලයෙක් එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 377 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් අතුරින් බන්ධනාගාර ආශ්‍රයෙන් ආසාදිතයින් 83 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. සෙසු ආසාදිතයින් 294 දෙනා හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් වන අතර ඔවුන් එම පොකුරෙන් මින් පෙර හඳුනාගත් […]
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අද පැවැති තරඟයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම පරාජය කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 8ක ජයක් වාර්තා කරමින්. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේ සියල්ල දැවී ලකුණු 171ක් රැස්කර ගත්තා. ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි වුණා. පිළිතුරු […]
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදික මාරුවක් මත පසුගිය 4වැනිදා රාත්‍රී සිදු වූ යතුරුපැදි අනතුරින් මිය ගිය අවුරුද්දක් හා අවුරුදු 7ක් වයසැති දැරිවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. එමෙන්ම ඔවුන්ගේ ගැබිනි මවට ද අනතුරින් බරපතල තුවාල සිදු වූ අතර ඇයගේ කුසේ වැඩෙමින් තිබූ කළලය ද අනතුරින් විනාශ වී තිබෙනවා. එම මව තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර […]
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම අඛණ්ඩව සිදුවෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරනවා. ඒ අනුව ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ කොවිඩ් 19 පීඩාවට පත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 45509 දෙනෙකු කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් 2020.11.30 මෙරටට පැමිණ ඇති බවයි. තවත් ශ්‍රී ලාංකිකයන් 58892ක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදේශ රටවල තානාපති කාර්යාල වල ලියාපදිංචි […]
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මහජන ගෞරවය සඳහා ඒ මහතාගේ දේහය තැන්පත්කර ඇත්තේ මහව පිහිටි නිවසේයි. දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා. ටී.බී. ඒකනායක මහතා කලක සිට රෝගාතුරව කුරුණෑගල රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතර ඊයේ මිය ගියා. මියයන විට […]
දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.එම්.ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා අද සිය රාජකාරි ආරම්භ කළා. ඒ අනුව ඔහු සැළකෙන්නේ එම දෙපාර්තමේන්තුවේ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙසයි.
පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වෙත භාර දුන්නා. ඒ, කමිටු සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනි වීරවර්ධන මහත්මිය සහ කමිටු සාමාජිකයින් විසින්. අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ, එම කමිටුවේ පූර්ණ වාර්තාව මසක් තුළ ලැබීමට නියමිත බවයි.
අද (07) දිනයේ හඳුනාගෙන නව කොරෝනා ආසාදිතයින් 326 දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අතරින් බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් ක් ද ඇතුලත්.
එළඹෙන උත්සව සමය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ගමන් බිමන් යෑමෙන් වැලකි වගකීමෙන් ක්‍රියා කල යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරනවා. විශේෂයෙන්ම උත්සව සමයත් එක්ක සංචරණය තවත් අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.