කුරුණෑගල, තිත්තවැල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම් කාලයේ නිරුවතින් පැමිණි පුද්ගලයෙක් ඊට ඇතුළු වී එහි භාණ්ඩ කිහිපයක් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. අදාළ පුද්ගලයා නිවසට ඇතුළු වීමට පෙර තමන් සතුව තිබූ උදැල්ලක් සහ පිහියක් ඒ සඳහා භාවිතකර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට කුරුණෑගල පොලිසියේ නිල සුනඛ අංශයේ සුනඛයින් යොදවා පරීක්ෂණ සිදුකර […]
පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව අතරතුර තුවාල ලබා රෝහල්ගතකර සිටියදී රැඳවියන් 11 දෙනෙකු මියගියා. පොලිසිය පැවසුවේ, ඔවුන්ගෙන් 7 දෙනෙකුගේ අනන්‍යතාව මේ වනවිට තහවුරුකරගෙන ඇති බවයි. ඒ අනුව ඔවුන්ගෙන් සිව් දෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ මේ වනවිට සිදුකර ඇති අතර සෙසු තිදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වෙන බව නියෝජ්‍ය පොලිස්පති […]
මෙරට දිනපතා සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ 20,000 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ඒ සඳහා මේ වනවිට රෝහල් 10ක් සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි. රජයේ රෝහල් 5ක් සහ පෞද්ගලික රෝහල් 5ක් ලෙස රෝහල් […]
ගත වූ දිනයේ අලුතින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 649ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 197 දෙනා බන්ධනගාරවලින් වාර්තා වී ඇති බවයි. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ, නිරෝධායනයට ලක් වෙමින් සිටි […]
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් වාර්තා වුණා. කෝට්ටේ, කහතුඩුව සහ මග්ගොන යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් තිදෙනෙක් එලෙස මියගිය අතර ඔවුන් සියලු දෙනා අවුරුදු 71ත් 98ත් අතර වයස් සීමාවන්වල පසු වූවන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්‌ථානවල මි.මී. 100 පමණ තද වැසිද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. උතුර […]
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් ඉන් මුදා හැරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (07) දින උදෑසන 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ බ්ලූමැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග්‍රාම නිලධාරී වසම හුදකලා බව ඉවත්කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. හුදකලා ප්‍රදේශ පිළිබඳ නවතම නිවේදනය පහතින් ,
තවත් කොරෝනා මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු එලෙස මියගොස් ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 137ක් ලෙසයි. අද වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
තවත් ආසාදිතයින් 168 දෙනෙකු වාර්තා වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පැවසුවේ, ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් ගණන 669ක්. ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 23,674ක් දක්වා ඉහළ ගියා.
මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කළ යතුරුපැදිකරු මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ නව ගාලු පාරේ පදික මාරුවක් මතින් කුඩා දැරියන් දෙදෙනෙකු සිය මව සමග මාර්ගය හරහා මාරු වෙමින් සිටියදී අදාළ යතුරුපැදියේ ගැටී ඔවුන් අනතුරට පත්ව තිබුණේ […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 501 දෙනෙකෙු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය නිවේදනය කළේ, එලෙස වාර්තා වූ ආසාදිතයින්ගෙන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු 182දෙනා හඳුනාගෙන ඇත්තේ, බන්ධනාගාර කොරෝනා පොකුරෙන්.
මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව අද දිනයේ තවත් සුළු භු චලනයක් සිදුවී තිබෙනවා. එම භු චලනය දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව වාර්තා වන අතර එය රිච්ටර් මාපකයේ ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.