ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද […]
අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 107ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ 13, කොළඹ 9, මරදාන, කොළඹ 15, කොළඹ 2, කොළඹ 10, කොළඹ 13 යන ප්‍රදේශවලින් සහ මැගසින් බන්ධනාගාරයෙන් අදාළ මරණ වාර්තා […]
තවත් කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා එම පොකුර ආශ්රයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 472ක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමු වීමත් සමග එහි මූලාශ්‍රය ලෙස හඳුනා ගැනෙන්නේ කොළඹ සහ බස්නාහිර පළාත බව සෞඛ්‍ය අංශ පවසනවා. මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බවයි. කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදෙකලාකර තිබුණ […]
රට තුළ පවතින තත්ත්වය හමුවේ හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ 30 වැනි සඳුදා දින සිට පසුගිය සතියේ ධාවනය වූ පරිදි එම සියලුම දුම්රිය ධාවනය කිරීමට කටයුතුකර ඇති බවයි. ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම කාල සටහන […]
අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ, විජේරාම නිල නිවසේදීයි. එහිදී ප්‍රථමයෙන් අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් එක් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් මුහුණ පා ඇති අර්බුදකාරී […]
කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අංගොඩ මූලික රෝහලට ඇතුළත්කර තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, වෛද්‍ය උපදෙස් මත ඔහුව එම රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බවයි. ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණේ පසුගිය බදාදා දිනයේදීයි. ඒ අනුව අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යොමු කෙරුණු […]
මහනුවර ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය තහවුරු කළා. ඇය පැවසුවේ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ සායනයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට සැක සහිත රෝග ලක්ෂණ මතු වීමත් සමග සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි. එම සායනයේ අනෙකුත් කාර්යය […]
නව ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,742ක්.
මඩකලපුව, පූනානි හි පිහිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ එය පවරා ගැනීමෙන් පසු අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා එම විශ්වවිද්‍යාලයේ සම්පත් යොදා ගැනීමට කටයුතු කරන බවයි. අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් […]