ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි. මින් පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතායි.
ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බුවනොස් අයරෙස්හිදී සිදු කෙරුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණු අවසන් කටයුතු සඳහා සමීප ඥාතීන් සහ මිත්‍රයින් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටි බවයි. ඉන් පෙර මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි පිහිටි ජනාධිපති මන්දිරයේ තැන්පත්කර තැබුණු අතර අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවා. උන්වහන්සේ වැඩ වාසය කරන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙණ වෙත ගිය ජනාධිපතිවරයා උන්වහන්සේ වෙත සිය සුභාශිංසන පිරිනැමුවා. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට […]
මහනුවර නගර සීමාවේ පාසල් 45ක් ඊයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පෙරේදා පියවර ගත්තා. ඒ, මහනුවර නගරය සහ ආශ්‍රිත නගර කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන්. එමෙන්ම පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාවට තර්ජනයක් වන තවත් කරුණක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, බස් රථ ආදි පොදු ප්‍රවාහන සේවාවල ප්‍රමාණය […]
සීමාවක් නොමැතිව මගීන් පටවා ගන්නා බස් රථ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා. පෞද්ගලික මගී ප්‍රවාහන බස් ගාස්තු ඉහළ දැමීමක් කරනු ලැබුවේ මගීන් සීමාකර ධාවනය කිරීමේදී සිදුවන පාඩුව මග හරවා ගැනීමට වුවත් ඇතැම් බස් රථ පෙර පරිදිම මගීන් ගෙන යන […]
කොරෝනා ආසාදිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සඳහා අංගොඩ මූලික රෝහල වෙත මාරුකර යවන ලෙස පාර්ශව කිහිපයක් ඉල්ලීම්කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ හිටපු අධ්‍යක්ෂවරයාව අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙසයි. එමෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 410 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,226 දක්වා ඉහළ ගියා.
මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් හට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.ඒ එම සාමාජිකයින් වහාම තම සේවා අංශයේ ප්‍රධානියා අමතා අදාල උපදෙස් අනුව සේවයට වාර්තා කල යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
පොළොන්නරුව වනජීවී නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ හේතුවෙන් සේවා රැසක් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ. මෙලෙස වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.
ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තාක්ෂණික ක්‍රියාවලියකට යොමු කරමින් මාර්ග සංවර්ධනය කිරීම සදහා ඇස්ෆෝල්ට් තාර නිපදවීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම නව නිපදවීම හරහා ඉවතලන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන ආකාරයට යොදා ගැනීමේ පළමු පියවර හෝමාගම මීගොඩ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සදහා එක් කරගෙන තිබෙනවා.
චීනයේ සිනොවැක් සමාගම විසින් නිපදවා තිබෙන කොරෝනාවැක් නම් එන්නත මිලියන 50ක් මිලදී ගැනීමට තුර්කි රජය එකග වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ සදහා වන ගිවිසුමකට අත්සන් තබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. ඒ අනුව ලබන ජනවාරි සහ පෙබරවාරි ,යන මාස වලදී එම එන්නත් ලබා දීමට චීනය මේ වන විට කටයුතු කරමින් පසුවන […]
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අද දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සාගර ආරක්ෂාව පිළිබඳ සමුළුවට සහභගි වීම සදහායි.