ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 559 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 253ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
නව පොලිස්පති අද සිය රාජකාරී ආරම්භ කර තිබෙනවා. මෙරට 35 වන නව පොලිස්පති ලෙස චන්දන වික්‍රමරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිර්දේශ කර තිබූ අතර එය පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබුණා.
සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතා සංවාදය අද සහ හෙට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයින යන රටවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත්වෙනවා. මෙවර මෙම සමුළුව පැවැත්වෙන්නේ වසර 06කට පසුවයි. ඉන්දීය සාගරයේ සමුද්‍රීය ආරක්ෂණ සහයෝගීතාව පිලිබදව කරුණු මෙම සමුළුවේදී අවධානය ට යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකව තුල කොරෝන වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව කටයුතු කිරීම තුලින් කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි. ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය . තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ […]
ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා […]
මීට ස්වල්ප මොහොතකට පෙර වාර්තා වූ තවත් කොරෝනා මරණ තුනක් සමග මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 99 දක්වා ඉහළ ගියා. කොළඹ 8, බම්බලපිටිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මෙලෙස මියගොස් තිබූ අතර ඔවුන් 73ත් 87ත් අතර වයස් සීමාවල පසුවන්නන්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
තවත් නව කොරෝනා ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 553ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්තය දැක්වෙන්නේ 18,491ක් ලෙසයි.
මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා. එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා. මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ […]
ලංකා ප්‍රීමියර් ලීග් T20 ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එහි කාසියේ වාසිය දිනූ කලම්බු කිංග්ස් කණ්ඩායම තීරණය කළේ, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු රැකීමටයි. තරඟාවලිය දෙසැම්බර් […]
නිවෙස්ගතව නිරෝධායනය වන පුද්ගලයින් එම ක්‍රියාවලිය අපේක්ෂිත පරිදි සිදු කරන්නේ ද යන්න පිළිබඳ තහවුරුකර ගැනීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම වගකීම පැවරෙන්නේ, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් වෙතයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් […]
සාක්ෂි වසන් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ලබන 7 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර ශානි අබේසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ඔහුව මාරුකර යැවුණේ ඊයේ දිනයේදීයි.