News Line| Off Air
Generic placeholder image

Nov
21

තවත් ආසාදිතයින් 230ක් හඳුනා ගනියි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 230 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා ද මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 487ක්.


Nov
21

තවත් ආසාදිතයින් 257ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 257 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


Nov
21

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Generic placeholder image

2021 අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52ක් පමණයි. ඒ අනුව 2021 අයවැය තෙවැනිවර කියවීම එළැඹෙන සඳුදා පැවැත්වීමට නියමිතයි.


Nov
21

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වෙයි

Generic placeholder image

2021 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ සිව්වන දිනටයි.


Nov
21

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට – වාහන ධාවනය සීමා කිරීම ගැන නිවේදනයක්

Generic placeholder image

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත්තේ, මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේයි. ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම කටයුතු අවසන් […]


Nov
21

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

උතුරු, නැගෙනහිර ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, ගිනිකොණ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති කැළඹිලි ස්වභාවය අද උදෑසන වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 – 48 කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විමේ හැකියාවක් පවතින බවයි. එම නිවේදනය පහතින් :


Nov
21

කොළඹින් හමුවන ආසාදිතයින් දිනෙන් දින වැඩි වීමට හේතුව

Generic placeholder image

දෛනිකව කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස සහ ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිලි, නාන ස්ථානවල ජල කරාම ආදිය භාවිත කිරීමට පුරුදුව සිටින ආකාරය බව විමර්ශනයකදී හෙළි වී තිබෙනවා. ඊයේ වනවිට කොරෝනා දෙවැනි පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 15,324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වුණා. ඉන් බහුතරයක් කොළඹ […]


Nov
21

කොරෝනාවට එරෙහිව එන්නතක් සොයන බ්‍රිතාන්‍යයේ පර්යේෂණවල ශ්‍රී ලාංකික වෛද්‍යවරියකුත් පෙරමුණේ

Generic placeholder image

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය පවත්වන පර්යේෂණයේ ප්‍රධාන විමර්ශන නිලධාරිනියක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක ද පෙරමුණ ගෙන සිටිනවා. ඇය නමින්, මහේෂි එන්. රාමසාමි වෛද්‍යවරියයි අදාළ එන්නත පිළිබඳ සිදු කරනු ලැබූ සායනික කටයුතු සම්බන්ධයෙන් වෛද්‍ය සඟරාවක් වන “ද ලැන්සෙට්“ හි පළ කර තිබූ වාර්තාවේ ඉහළින්ම සටහන්ව ඇත්තේ වෛද්‍ය මහේෂි රාමසාමි මහත්මියගේ නාමයයි. ශ්‍රී […]


Nov
21

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 11කට කොරෝනා

Generic placeholder image

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය 19 වැනිදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 32දෙදෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා. එහි වාර්තා අනුව 11 දෙනෙකුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම තවත් සිව් දෙනෙකුගේ පී.සී.ආර්. සාම්පල දෙවැනි රසායනාගාර පරීක්ෂණයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.


Nov
21

කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් 8ක් මරු දකියි – 30කට වැඩි දෙනෙකුට තුවාල

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිවාස සහ ගොඩනැගිලි රැසකට ද ඉන් හානි සිදුව ඇති බවයි. රොකට් ප්‍රහාර කිහිපයක් සහ මෝටාර් ප්‍රහාර 20කට අධික සංඛ්‍යාවක් එලෙස එල්ල වී තිබුණේ, කාබුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශ කිහිපයක් ඉලක්කකර ගනිමින්.


Nov
21

තවත් 319 දෙනෙක් සුව අතට

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 319 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට මේ දක්වා සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 13,590ක් දක්වා ඉහළ යනු ඇති.


Nov
21

“විල්පත්තු වන විනාශය ගැන දුන් තීන්දුවට එරෙහිව පෙත්සමක් ගොනු කරනවා” – රිෂාඩ් බදියුදීන්

Generic placeholder image

විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගියදා දුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා. ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා. විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව ප්‍රකාශයට […]


News Articles
Latest Videos
Most Popular Post