බේරුවල ධීවර වරාය තුළ සිල්ලර මත්ස්‍යය වෙළඳාම් සිදු කිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් පොලීසිය, මහජන පරීක්ෂකවරුන් සහ සිල්ලර වෙළෙන්ඳන් අතර අද උදෑසන උණුසුම් තත්වයක් හටගත්තා. ඔවුන් පැවසුවේ, ධීවර වරාය තුළ සිල්ලර වෙළඳාමට ඉඩ නොදුන්න ද නගරය තුළ වෙළඳාම් සිදුවන බවයි. මේ හේතුවෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තමන්ට ධීවර වරාය තුළ […]
රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එමගින් මහජනතාවට දැනුම් දෙන්නේ, සේවා ලබා ගැනීමට දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණීමට පෙර 011 2 696 917 හෝ 011 2 694 523 යන කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි. එසේත් නොමැති […]
බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ එම ගම්මානය තුල සිදු කෙරුණු අහඹු pcr පරීක්ෂණ තුලින් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු හමු වීමත් සමගයි.
මහ බැංකු සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වැඩිමහල් පුතු ජූනියර් ට්‍රම්ප්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකලද ඔහු කොරෝන ප්‍රතිකාර සදහා යොමු කර තිබෙනවා. ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරනවා. ඉකුත් දා අදාල කාන්තාව සිය වයස අවුරුදු දෙකක් පමණ දරුවා ද සමග කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය අතර දරුවාඇහැළියගොඩ නිවසකින් හමු වුවද එම දරුවාගේ මව තවමත් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ අනුව එම […]
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් සති අන්තයේ සියලු මගී දුම්රිය ධාවනය නවතා දැමීමට පියවර ගැනීම නිසා ජනතාවගේ ප්‍රවාහන පහසුව සදහා සියලු ලංගම බස්රථ ධාවනය කරවීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරනවා.
ඊයේ දිනය තුළ හමු වූ කොරෝනා අසාදිතයින් ගණන 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයෙක් ද වෙනවා. ඒ අතරින් 160 දෙනකු වාර්තා වුණේ කොළඹින් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතරින් ආසාදිතයින් 21ක් ද ලෙස ද වාර්තා වුණා.
මෙරට 74 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්.
පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 435ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සංඛ්‍යාව 15,765 දක්වා ඉහළ යනු ඇති.
පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා. අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතයි. තදබදය අවම කිරීම සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය පිටකොටුවෙන් ඉවත් කර පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට මුල්වරට සැළසුම් සකස් වී ඇත්තේ 2011 වසරේදීයි. ඒ, ජනාධිපති ගෝඨාභය […]
කොළඹ මහනගර සභා සීමාව තුළ හුදෙකලාකර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කෙරුණා. 011 3 422 558 යන දුරකතන අංකය ඇමතීමෙන් ගිලන් රථ සේවාවන් සැපයීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත හැකි වනවා.