වයඹ පළාතේ අවදානම් ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශ කිහිපයක පාසල් ලබන සඳුදා ආරම්භ නොකිරීමට තීරණයකර තිබෙනවා. බස්නාහිර පළාතේ හැර සෙසු පළාත්වල පාසල් එළඹෙන 23 වැනිදා විවෘත කිරීමට රජය පසුගිය දා තීරණය කළා. කෙසේ වෙතත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ කිහිපයක පාසල් ආරම්භය සතියකින් කල් දැමීමටයි තීරණයකර ඇත්තේ. ඒ අනුව, කුරුණෑගල මහනගර සභා ප්‍රදේශය, කුරුණෑගල වෛද්‍ය […]
මුඛ ආවරණ නොපැළඳ මාර්ගයට පැමිණ, පොලිස් රාජකාරියට බාධා කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරූ මහතා ඇප මත මුදා හැර තිබෙනවා. පොලිසිය පැවසුවේ, රුපියල් 5000ක පෞද්ගලික ඇපයක් මත විල්සන් කරූ මහතාව මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ බවයි. එම නඩුව ලබන පෙබරවාරි මස 16 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් අද තවත් නව ආසාදිතයින් 220 දෙනෙකු හඳුනා ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 15,550ක් ලෙසයි.
මාතර, වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකා අත්අඩංගුවට පත් වුණා. එමෙන්ම එම පුද්ගලයින්ට අයත් බව පැවසෙන මෝටර් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගත් මත්කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය […]
ඊයේ දිනයේත් කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 06 ක් වූ අතර හදුනාගෙන තිබෙන සමස්ථ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වනවා.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී රෝහල්ගතව සිටි ආසාදිතයින් 368 දෙනෙක් සුවය ලබා අද (20) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 18,841ක්.
කොරෝනා ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වූ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කින් ඉකුත් දින කිහිපය තුළදී කොරෝනා ආසාදිතයන් කිසිවකු වාර්තා වී නැති බවද වාර්තා වෙනවා . එම දිස්ත්‍රික්ක නම්, මහනුවර, කිලිනොච්චිය, කෑගල්ල, මාතලේ, මන්නාරම, වව්නියාව, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, මොනරාගල, හම්බන්තොට, මුලතිව් සහ යාපනය. මෙරට ආසාදිතයින් වාර්තා වූ අඩුම දිස්ත්‍රික්කය වන්නේ , මුලතිව් දිස්ත්‍රික්කයයි.
ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතු කොටගෙන ගත් පිරිසක්. මේ වන විට නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 358 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් සියලු දෙනා නීරෝධායන නීති යටතේ නඩු පැවරිමට කටයුතු කරන බවයි […]
කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. අවදානමක් තිබෙන කොළඹ දිස්ත්‍රික්කය තුළ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුවීම සමස්ත දිවයිනටම ගැටළුවක් බවයි එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට වන අතර එම ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතලත් වෙනවා.
කිරුළපන ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රවීණ රංගන ශිල්පියෙකු නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ IDH රෝහලෙන් පළා ගිය මව සහ දරුවාගෙන් වයස අවුරුදු දෙකහාමාරක් වයසැති දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකින් හමුව තිබෙනවා. පළා ගිය කොරෝනා ආසාදිත වයස අවුරදු 25 ක් වන මව සිය දරුවා අදාල නිවසට ලබා දී නැවත එම ස්ථානයෙන් ද පැන ගොස් තිබෙනවා. එම පැන ගිය මව සොයා ගැනීමට පොලිසිය ජනතා සහය පතනවා