News Line| Off Air
Generic placeholder image

Nov
20

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

Generic placeholder image

සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින තුළ දුම්රිය ධාවානය නොවේ.


Nov
20

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද විවෘත කෙරේ

Generic placeholder image

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එහි වෙළෙඳසැල් 1192 ක් සහ වාහන 600 ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත අතරමීට අමතරව සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය […]


Nov
20

ඊයේ දිනයේ අසාදිතයින් 437 ක් හමුවෙයි – කොළඹින් 305ක්

Generic placeholder image

අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමි‍ණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වෙනවා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් වාර්තා වන අතර […]


Nov
20

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් සහ පුතෙක් රෝහලෙන් පැන යයි

Generic placeholder image

ඊයේ රාත්‍රී 9.00 ට පමණ කොරෝනා ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මවක් සහ පුතෙක් මෙලෙස රෝහලෙන් පැන ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් සොයා මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙන බවයි පොලීසිය සදහන් කලේ.


Nov
20

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක. උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වන බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Nov
20

තවත් කොරෝනා මරණ 4ක් – සමස්ත මරණ සංඛ්‍යාව 73ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගියා. ඒ, මීට සුළු මොහොතකට පෙර තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 10, කොළඹ 15″ කළුතර – පොකුණුවිට සහ කළුතර – හල්තොට යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරුතුරු ඇතුළත් නිවේදනය පහතින් :


Nov
19

එල්.ටී.ටී.ඊ. සැමරුම්වලට එරෙහිව තහනම් නියෝගයක්

Generic placeholder image

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ දින සැමරුම්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම අත්හිටුවමින් එම ප්‍රදේශවලට අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබෙනවා. පොලිසිය කළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ එම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ඒ අනුව, මන්නාරම සහ වව්නියාව යන ප්‍රදේශවල පුද්ගලයින් 22 දෙදෙනෙකුට එරෙහිව අදාළ තහනම් නියෝග නිකුත්කර […]


Nov
19

නව කොරෝනා ආසාදිතයින් 194ක් වාර්තා වෙයි

Generic placeholder image

දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් තවත් නව ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 437ක්. දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරුවල සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 15,330ක් ලෙසයි.


Nov
19

මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

Generic placeholder image

ලංකා පොහොර සමාගමට පුද්ගලික සමාගමකින් දියර පොහොර මිල දී ගැනීමේදී සිදුව ඇති රුපියල් මිලියන 90ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොහොර සමාගමේ 2017 වසරේ සිට 2019 වසර දක්වා හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේදීයි. පොලිස් මූලස්ථානය පැවසුවේ, අත්අඩංගුවට ගත් පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා […]


Nov
19

රූගත කිරීම් සහ පටිගත කිරීම්වලට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Generic placeholder image

ටෙලි නාට්‍ය රූගත කිරීම් සහ මැදිරි වැඩසටහන් පටිගත කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්කර තිබෙනවා. ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ටෙලිනාට්‍යවේදීන්ගේ සංගමය සහ විද්‍යුත් විකාශකයන්ගේ සංගමය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව සම්පාදනයකර තිබෙනවා.


Nov
19

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය අගමැති ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ (ඡායාරූප)

Generic placeholder image

පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය හෙට උදෑසන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. වාහන 600ක ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා සහ හෝටල්වලින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණයේ ඉදිකර ඇති වෙළඳසැල් ගණන 1192ක්. එමෙන්ම මහල් හතරකින් සමන්විත වෙළද සංකීර්ණයේ […]


Nov
19

නුවන් සොයිසා චෝදනා තුනකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරු වෙයි

Generic placeholder image

හිටපු පුහුණුකරුවෙක් මෙන්ම වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය විසින් චෝදනා තුනක් සඳහා වරදකරු බවට තහවුරුකර තිබෙනවා. ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ බව කියන අක්‍රමිතා හේතුවෙන්. තරඟ තීරණ අයථා ලෙස වෙනස් කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post