පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා. එතෙක් ඇයට විදේශ ගතවීමද තහනම් වන බවටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.
ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මුලතිව්, නුවරඑළිය, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ සහ රාත්‍රී කාලයේ මිලිමීටර 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම උතුරුමැද, සබරගමුව, දකුණ, බස්නාහිර පළාත්වලට මෙන්ම මාතලේ, මහනුවර, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ වවුනියාව දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ට වැඩි තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව එම […]
ආඬිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපල දක්වා වූ මාර්ගයේ එක් මංතීරුවක් ලබන 7 වනදා සිට වසා තැබෙන බව ගුවන් තොටුපල සහ සිවිල් ගුවන් සේවා සමාගම පවසනවා. කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ආඩිඅම්බලම ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගයේ ජලනළ එළීමේ කටයුත්තක් හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ඒ අනුව ලබන 7 වනදා පස්වරු 06.00 […]
තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි මැයි මස 4 වනදා කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියම කලා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණය ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් […]
ආබාධිත තැනැත්තන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සුවිශේෂි දායකත්වය ඉතා ගෞරවාන්විතව හා හෘදයාංගමව සිහිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබෙනවා. එතුමා සිය නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරන්නේ ආබාධ සහිත පුද්ගලයින් මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය රැකවරණය හා […]
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක සමත් වුණා. ඒ මිනිත්තු 4 යි තත්පර 34 යි දශම 3 යි 4 කින් තරඟය අවසන් කරමින්. නේපාලයේ පැවැත්වෙන මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 9 […]
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ගර්භණී මව්වරුන්ට නියමිත කාලයට පෙර දරු උපත් සිදුවීමේ හැකියාවක් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් ගර්භණී මව්වරුන් දැඩි අවධානයකට ලක්ව තිබෙනවා. ඒ අනුව ගර්භණී මව්වරුන් සිය බිලිදා ඉපදීමට නියමිත දිනට පෙර සතියකට හෝ සති දෙකක් අතර කාලය තුල සිදු විය හැකි බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙන්නේ.
හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද දින පෙරවරුවේ දී මහනුවර පැමිණ මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 15 ක ජනතාව පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පවුල 4153 ක පුද්ගලයින් 18164 දෙනෙකු තද වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි. මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 4 කට […]
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කලා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම නියෝගය කලා. 2014 වසරේ මැයි මස 21 දා විත්තිකාර පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ […]
කම්මුරි සුළි කුණාටුව කඩා වැදීම හේතුවෙන් පිලිපීනයේ වෙරළබඩ සහ උසස් බිම් ආශ්‍රිතව ජිවත් වු පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කම්මුරි සුළි කුණාටුව හේතුවෙන් එරට ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මැනිලා ගුවන්තොටුපළ අද පෙරවරුවේ සිට පැය 12 ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසනවා. පසුගිය සෙනසුරාදා […]
පකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙසට එරට අග්‍රාමාත්‍යවරයා කළ ආරාධනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගෙන තිබෙනවා. මෙරට සංචාරයක නිරතව සිටින පාකිස්ථාන විදේශ අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි මහතා ඊයේ හමු වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා මෙම ආරාධනය පිළිගෙන ඇති අතර මෙහිදි විදේශ අමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ විශේෂ ලිපියක් ද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දි තිබෙනවා. ඒ […]