News Line| Off Air
Generic placeholder image

Nov
26

මෙවර සා පෙළ විභාගයට අදාළ උපකාරක පංති පැවැත්වීම අද මැදියම් රැයේ සිට තහනම්

Generic placeholder image

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව පැවැත්වෙන උපකාරක පංති අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු සිදු කිරීම තහනම් වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ ප‍්‍රසිද්ධ විභාග පනතෙහි 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගයකට අනුවයි. ඒ අනුව මෙවර සාපෙළ විභාගය ඉලක්ක කර ගනිමින් දේශන, සම්මන්ත‍්‍රණ පැවැත්වීම තහනම් වෙනවා. මෙම නියෝගය කඩ කරන […]


Nov
26

රජයේ වියදම් අවම කරගන්න ජනපතිගෙන් තවත් තීරණයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ආණ්ඩුවේ එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි උපදේශකවරුන්ගේ සංඛ්‍යාව සීමාවකට ලක් කර තිබෙනවා. ඒ අනුව එක් කැබිනට් අමාත්‍යවරයෙකුට රඳවා ගත හැකි වන්නේ එක් උපදේශකවරයෙකුයි. මිට පෙර මෙවැනි සීමාවක් අමාත්‍යවරුන්ට නොතබුනු අතර රජයේ වියදම් අවම කිරීම මෙහි අරමුණ වී තිබෙන බව වාර්තා වෙනවා.


Nov
26

රුවන්වැලි මහා සෑරදුන්ගේ නව චූඩාමාණික්‍ය පැළඳවූ කොත්වහන්සේ නිරාවරණය අද

Generic placeholder image

ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් නව චූඩාමාණික්‍ය ඊයේ පස්වරුවේ සෑරදුන්ගේ කොත් වහන්සේට පැළඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද මෙම චූඩා මාණික්‍ය පැළඳවූ කොත නිරාවරණය කිරීමට නියමිතව තිබෙනවා.


Nov
26

නව ආණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලය අද පළමු වරට රැස් වේ

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද නව ආණ්ඩුව යටතේ ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද පැවැත්වෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ , ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා,වැඩබලන පොලිස්පතිවරයා, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙයට අද සහභාගී විමට නියමිතව තිබෙනවා.


Nov
26

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත්වලත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඒ පිලිබදව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Nov
25

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

ඉදිරි පැය කිහිපය තුළ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු තීරය අවධානම් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වලකින ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.


Nov
25

සෞදි අරාබි තානාපති හා ජනපති අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති අබ්දුල් නසර් අල් හර්ති (Abdul Nasser Al-Harthy) මහතා ඇතුළු දූත පිරිස අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදි සෞදී අරාබියානු රජය වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන පිළිගැන්වූ තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වී තිබෙනවා.


Nov
25

නව රජයේ අමාත්‍යවරුන් රැසක් අද තම ධූරයේ වැඩ අරඹයි

Generic placeholder image

මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද දිනයේ සිය අමාත්‍යාංශ වල රාජකාරි ආරම්භ කළා. ඉදිරියේදී ගෙන එන නව පනතක් මගින් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් කියා සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා සිය […]


Nov
25

සීතල වෙලාවට බොන්න හිතෙන කෝපි කෝප්පයෙන් ලැබෙන වාසි ගැන ඔබ දන්නව ද?

Generic placeholder image

සීතල වෙලාවක කෝපි එකක් බොන්න අපි හැම කෙනෙක්ම කැමතියි. කෝපි කියන්නේ කවුරුත් පි‍්‍රය කරන රසවත් පානයක් කියලා හදුවන්න පුළුවන්. ඒ වගේම කෝපි පානයෙන් ලැබෙන වාසිත් බොහොමයක් තියෙනවා. කෝපි වල ප්‍රතිඔක්සිකාරකයන් හා සිරුරට හිතකර පෝෂක වර්ග අන්තර්ගත වනවා. ඒ වගේම කෝපි වල කාබනික සංයෝගයන් මෙන්ම vitamin B, riboflavin, pantothenic පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස්, නියසීන් හා කැෆේනුත් අඩංගුයි. […]


Nov
25

හම්බන්තොට වරාය 99 වසරක් චීනයට බදු දීම පසුගිය රජය කළ වැරැද්දක් බව ජනපති කියයි

Generic placeholder image

ප්‍රධාන නෞකා මාර්ග රැසක් ආසන්නයේ පිහිටි ක්‍රමෝපාය අතින් මෙන්ම ආර්ථික වශයෙන් අතිශය වැදගත් හම්බන්තොට වරාය 99 වසර බද්දට චීනයට ලබාදීම පසුගිය රජය සිදුකර ඇති වැරැද්දක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව විදෙස් මාධ්‍යයකට ලබාදුන් ප්‍රථම සාකච්ඡාව ලෙස ඉන්දීය එස්.එන්.අයි. ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා […]


Nov
25

ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරාහල්ටන් මහත්මිය (Sarah Hulton) අද (25)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. මෙහිදී මහකොමසාරිස්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් සිය සුභාශීංසන පළකරමින් සුහද කතාබහක නිරත වී තිබෙනවා. නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ටොම් බර්න් (Tom Burn) මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි බව සදහන්.


Nov
25

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාමාන්‍ය පෙළට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, පැවැත්වීම තහනම්

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දේශන පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට දෙසැම්බර් මස 12 වන දින දක්වා තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එම කාලය තුළ විභාගය සඳහා අනුමාන ප්‍රශ්න, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම සහ ඒවා ළඟ තබාගැනීම සම්පූර්ණයෙන් තහනම් වනව. යම් […]


News Articles
Latest Videos
Most Popular Post