News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
21

චතූගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් අලුත්ම Photoshoot එකක්

Generic placeholder image

පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. චතූගේ දෙවන විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුනා.චතූ සහ ඇගේ සැමියා ඒ වෙනුවෙන් අපූරු ඡයාරූප රූගත කිරීමක් කරලා තිබුනා. ඒ වගේම ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන්නත් අමතක කළේ නැහැ. “හිතපු නැති කාලෙක හිතපු නැති වෙලාවක මගේ ජීවිතේට ආපු ඔයා පොඩි කාලෙකින්ම මගේ වුනා…අපේ […]


Oct
21

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

අද (21) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.


Oct
21

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් […]


Oct
21

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය සුපිරි කණ්ඩායම් 12 අතරට

Generic placeholder image

ඒ අනුව ශ්‍රී ලංකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය සමඟ පළමු කාණ්ඩයට එක්වේ. නෙදර්ලන්තය දැන් ඉන්දියාව, පකිස්ථානය, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සිටින 2 කාණ්ඩයට යයි


Oct
20

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 16ක ජයක්

Generic placeholder image

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් රැස්කළ අතර පිළිතුර ලෙස නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 146 පමණි.


Oct
20

පන්දුවාර 18 ක් අවසානයේ නෙදර්ලන්ත ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටිනවා.


Oct
20

නෙදර්ලන්තයට ලකුණු 163ක ඉලක්කයක්

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 163 කි.


Oct
20

කුසල්ගෙන් අර්ධ ශතකයක්

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ නෙදර්ලන්තයට එරෙහිව අද පැවැත්වෙන තරඟයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.


Oct
20

සතොස භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

Generic placeholder image

ලංකා සතොස මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩු කරයි.


Oct
20

පන්දුවාර 15 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පළමුවට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටිනවා.


Oct
20

පන්දුවාර 5 ක් අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙන්න

Generic placeholder image

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරඟය මේ වන විට පැවැත්වෙන අතර පළමුවට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 5 ක් අවසානයේ කඩුලු නොදැවී ලකුණු 22 ක් ලබා සිටිනවා.


Oct
20

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20යි.


News Articles
Latest Videos
Most Popular Post