News Line| Off Air
Generic placeholder image

Jun
3

අද පළාත් කිහිපයකට තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද අපේක්ෂා කල හැක. උතුරුසහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 […]


Jun
1

ජනප්‍රිය ගායක කේ කේ මියයයි

Generic placeholder image

ඉන්දීය ජනප්‍රිය ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් හෙවත් කේ කේ අභාවප්‍රාප්ත වී ඇත. ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි ප්‍රසංගයකට සහභාගී වී පැය කිහිපයකට පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මියයන විට ඔහු 53 වන වියේ පසුවිය.


Jun
1

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි. G H I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 10 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 10 යි.


Jun
1

අද මි.මී. 75ට වැඩි තරමක් තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් […]


May
31

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. G H I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.


May
30

බස්නාහිර පළාතට වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Generic placeholder image

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කර ඇත. පොලිස්පති සි.ඩී වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර මහතා වැඩබලන බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.


May
30

පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Generic placeholder image

අද දින සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක. […]


May
27

අද විදුලි කප්පාදුව මෙහෙමයි

Generic placeholder image

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය. A B C D E F G H I K L කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි. P Q R S T U V W කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 15 යි.


May
25

අද මි.මී. 50ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. […]


May
24

ලිට්‍රෝ සමාගමෙන් දැනුම්දීමක්

Generic placeholder image

අද (24) අඟහරුවාදා ගෘහස්ථ LP ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසන අතර අද දින ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


May
24

ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට

Generic placeholder image

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව සංශෝධනය කිරීමට සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 12 සිට එම ගාස්තු සංශෝදනය සිදුකිරීමට නියමිතයි.


May
24

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

ඊයේ (23) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පිළිබද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අදාල නිවේදනයන් පහතින්,


News Articles
Latest Videos
Most Popular Post