News Line| Off Air
Generic placeholder image

Mar
14

අද සිට පාසල් සාමාන්‍ය පරිදි

Generic placeholder image

සියලුම සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවා ඇත. පාසල් පවත්වාගෙන යාමේදී කොවිඩ් සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති වුවහොත් කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.


Mar
14

තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. මඩකලපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. කොළඹ සිට […]


Mar
13

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

මාර්තු මස 13 වැනිදා එනම් අද දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 අතර පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රි 10.00 දක්වා පැයයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ. අද සවස 5.00 සිට රාත්‍රී 9.00 අතර P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.


Mar
11

ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් 27% කින් ඉහළට

Generic placeholder image

මෙරටින් නිකුත් කරන සියලු ම ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසුවේ මෙරට විනිමය අනුපාතිකය ඉහළ යාමත් සමඟ මෙම තීරණය ගත් බවයි. ඒ අනුව මෙරටින් නිකුත් කරන සෑම ගුවන් ප්‍රවේශ පත්‍රයකම ගාස්තු සියයට 27කින් ඉහළ යනු ඇත.


Mar
11

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය පිළිබද නිවේදනයක්

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


Mar
11

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
11

IOC ඉන්ධන මිල ඉහළට

Generic placeholder image

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සියලුම ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ඉහළ දමා ඇති අතර පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි එම සමාගම සඳහන් කරන්නේ.


Mar
11

අද විදුලිය කප්පාදු කරන ආකාරය

Generic placeholder image

ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර P,Q,R,S,T,U,V,W යන සෙසු කලාප සඳහා හෙට පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා වු කාලය […]


Mar
11

අද මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි […]


Mar
10

අද එන්නත් ලබාදෙන ස්ථාන

Generic placeholder image

අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,


Mar
10

පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු […]


Mar
9

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (09) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


News Articles
Latest Videos
Most Popular Post