අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
අද (04) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා F,P,Q,R,S යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා E,T,U,V,W කලාප සඳහා ද පැය 5 ක […]
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිගබෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අද (03) උදෑසන 05.30 වන විට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට කි.මී. 470 ක් ගිනිකොණ දෙසින් (5.3N, 84.0E) ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය ඉදිරි පැය 24 ක කාලය තුල තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී […]
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (05) රාත්‍රී 08 සිට, ඉරිදා පෙරවරු 10.00 දක්වා පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 07 – 08 – 10 – 12 – 13 – 14 සහ 15 යන ප්‍රදේශවලටයි. […]
අන්කාරා, වෝර්සෝ සහ මොස්කව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ සම්බන්ධීකරණයෙන්යුක්‍රේනයේ සහ බෙලරුසයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කිරීම සඳහා විදේශ අමාත්‍යාංශය පහසුකම් සපයයි යුක්‍රේනයේ සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්/ සිසුන් ආරක්ෂිතව ඉවත් කරගැනීමට පහසුකම් සැලසීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අන්කාරා සහ වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල සමඟ සමීපව සම්බන්ධ වී කටයුතු කරයි. යුද ගැටුම් ආරම්භ […]
අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඊයේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය අද (03) දිනයේත් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිගබෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී (මාර්තු 03, 04 සහ 05 දිනවල) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළආසන්නයෙන් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අහස වලාකුළින් බරව පවතී. උතුරු, […]
හෙට (03) විදුලි කප්පාදුව සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දැනුම්දීමක් සිදුකර ඇත. ඒ අනුව හෙට පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි. උදැසන 08ත් සවස 06ත් අතර පැය 05ක කාලයකුත්, සවස 06ත් රාත්‍රී 11ත් අතර පය දෙකහමාරක කාලයකුත් එලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.
අද (02) දිනයේ දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි කප්පාදුවක් සිදු වන අතර දහවල් 1.00 සිට සවස 6.00 දක්වා F,P,Q,R,S කලාප සඳහා ද පැය […]
නිරිත දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි බලපෑම හේතුවෙන් අද දින (02) රාත්‍රියේ සිට 04 දින […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ඒ අනුව ආපන ශාලා, සාප්පු සංකීර්ණ, වෙළෙඳසැල්, මුල්‍ය ආයතන, උසස් අධ්‍යාපන ආයතන, සිනමා ශාලාවන්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ක්‍රීඩා, අවමංගල්‍ය උත්සව, උපකාරක පන්ති, විභාග පැවැත්වීම් සහ කර්මාන්ත ශාලා ආදිය පවත්වාගෙන යාමේදී මේ දක්වා පනවා තිබු සීමා ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඉහත කටයුතු […]