සති අන්තයේ රාත්‍රී කාලයේදී විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. හෙට (26) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය තුනක විදුලිය කප්පාදුවක් ද අනෙකුත් කලාපවලට පැය දෙකාහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. එසේම අනිද්දා (27) දිවා කාලයේදී පමණක් A, B, C කලාප සඳහා පැය දෙකහාමාරක […]
ලංකා IOC සමාගම අයත් ඉන්ධනවල මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්, පෙට්‍රල් ලීටරයක් – රු.20 කින් (නව මිල රු.204) ඩීසල් ලීටරයක් – රු.15 කින් (නව මිල රු.139)
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (25) පෙරවරුවේ නාරාහේන්පිට මිල්කෝ කර්මාන්ත ශාලාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතවී ඇත. කර්මාන්ත ශාලා පරිශ්‍රයට පැමිණි ජනාධිපතිවරයා ආයතනයේ නිෂ්පාදන, ඇසුරුම් හා බෙදාහැරීම් අංශවලට ගොස් එහි ක්‍රියාකරීත්වය පිළිබඳව වීමසා බලා ඇත.
සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට ප්‍රතිලාභ වැඩි කිරීම සඳහා වන කම්කරු වන්දි (සංශෝධන) පනත දෙවනවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ එකඟත්වය (23) දින හිමි වී තිබෙනවා. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු කටයුතු පිළිබඳ […]
2022 වර්ෂය තුළ දී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වන විදේශ රැකියා පොළ වැඩසටහනේ පළමු වැඩසටහන පෙබරවාරි මස 27 වන දින ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී දවස පුරා පැවැත්වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ […]
යුක්‍රේනය තුළ පවතින යුදමය තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ. […]
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන, ඩෙංගු වලින් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් 2022 පෙබරවාරි 27 දින විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩසටහන, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ […]
අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසයි. මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.
අද (25) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 […]
මේ වන විට රුසියානු හමුදාව යුක්‍රේනයට පහර දෙමින් සිටිනවා. යුක්‍රේනයේ අග නගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා. බොහෝ විට මෙම පිපිරීම්වලට හේතුව රුසියානු කෘස් මිසයිල හෝ බර අවි ප්‍රහාර බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව පළමුව සිදු කළේ යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර […]