යුක්රේනය තුළ පවතින යුදමය තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඒ සඳහා සුදුසු පියවර ගන්නා ලෙස අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ. […]
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන, ඩෙංගු වලින් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් 2022 පෙබරවාරි 27 දින විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම වැඩසටහන, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ […]
අද උදෑසන ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසයි. මෙම භූ කම්පන තත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසනවා.
අද (25) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය පහක විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 5 ක් හා මිනිත්තු 15 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 […]
මේ වන විට රුසියානු හමුදාව යුක්රේනයට පහර දෙමින් සිටිනවා. යුක්රේනයේ අග නගරය වන කිවි සහ තවත් ප්‍රදේශ කිහිපයකින් විශාල පිපිරීම් වාර්තා වෙමින් තිබෙනවා. බොහෝ විට මෙම පිපිරීම්වලට හේතුව රුසියානු කෘස් මිසයිල හෝ බර අවි ප්‍රහාර බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාව පළමුව සිදු කළේ යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහෙන්ස්ක් ප්‍රදේශ දෙක අල්ලා ගැනීමයි. එසේම එම නගර […]
කොවිඩ් ආසාදනය වී සුව වීමෙන් පසුවත් විවිධ අතුරු ආබාධයන්ට නැතහොත් පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණවලට ලෝකයේ බොහෝ රටවල ජනතාව මුහුණ දෙමින් සිටිනවා. අද ඒ පිළිබඳව zoom තාක්ෂණය ඔස්සේ දිවයින පුරා සිටින විවිධ තරාතිරමේ පුද්ගලයින් සමඟ සිය දැනුම බෙදා ගැනීමට කායික රෝග පිළිබඳවිශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා ක්‍රියා කළා.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්රප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවිය. කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු අංගන පරිශ්‍රයේ වැඩ කටයුතු සොයා බැලීම සඳහා එහි හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා.
අද ලෝකයේ මෙන්ම අප රටේ ජනතාව ද මුහුණ දී තිබෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලු අතර දියවැඩියා රෝගය ප්රමුඛ ස්ථානයක් ගෙන ඇත. මෙහි තවත් භයානක පැතිකඩක් වශයෙන් තරුණ පරපුර විශාල වශයෙන් මෙම රෝගයට ගොදුරු වී තිබීම සහ ඒ බව නොදැන සිටීම පෙන්වා දිය හැකියි. මිනිස් ජීවිතයේ ඇවතුම් පැවතුම් මෙන්ම ආහාර රටාව නිසි ආකාරයෙන් පවත්වා නොගැනීම, නිසි අයුරින් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) ලක්නව්හි දී පැවැත්වීමට නියමිතයි. අද රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වනිඳු හසරංගට ද ඉන්දීය සංචාරය අහිමි වී ඇති බවද වාර්තා වේ.
ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 77 වන වියේ පසු විය.