News Line| Off Air
Generic placeholder image

Jan
18

ආසාදිතයින් 688ක්

Generic placeholder image

ඊයේ(17) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 688ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 07 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 597,035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
18

නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 71 වැනි වියේ පසු වුණා. මාස්ටර් සර්, රන්ටිකිරි සිනා, පුංචි සිතේ පුංචි සීනා වැනි ජනප්‍රිය ගීත රැසක් නීලා වික්‍රමසිංහ මහත්මිය විසින් ගායනා කර තිබෙනවා. ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල් ජනරාල්වරිය ලෙස ද ඇය කටයුතු කර තිබෙනවා.


Jan
18

වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් […]


Jan
17

ආසාදිතයින් 690ක්

Generic placeholder image

ඊයේ (16) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 690ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඉන් 03 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 596,347ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
17

දුරුතු පොහෝ දිනය අදයි

Generic placeholder image

අදට (17) නව වසරේ මුල්ම පොහෝ දිනය වන දුරුතු පොහෝ දිනය යෙදී තිබෙනවා. ලක්වාසී බෞද්ධයන් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදු වු පොහෝ දිනය ලෙස දුරුතු පොහෝ දිනය සැලකෙනවා. සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම ලක්වාසී බෞද්ධයන්ට වන්දනා කිරීම […]


Jan
17

වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් අද (17) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර […]


Jan
15

ආසාදිතයින් 677ක්

Generic placeholder image

ඊයේ (14) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 677ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,996ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
15

දුම්රිය වර්ජනය අවසන්

Generic placeholder image

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (14) දහවල් හදිසියේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයා යළි සේවයේ පිහිටුවීමට කටයුතු කිරීමත් සමගයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය (13) වනදා ක්‍රියාත්මක කළ සංඛේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමටත් පෙර ඔවුන් යළි එලෙස හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කෙරුණා. මේ නිසා තෛපොංගල් නිවාඩුවට ගම්බිම් […]


Jan
15

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.


Jan
14

ආසාදිතයින් 171ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 171 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර තිබෙනවා. මෙරට දී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 567,871ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
14

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි වර්ජනයක

Generic placeholder image

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නැවතත් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කටයුතුකර ඇති බවට චෝදනා කරමින් මෙලෙස නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් හදිසියේ රාජකාරීවලින් ඉවත්වී තිබෙනවා.


Jan
14

ආසාදිතයින් 594ක්

Generic placeholder image

ඊයේ (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 594ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 594,319ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post