News Line| Off Air
Generic placeholder image

Jan
7

ප්‍රදේශ රැසකට වැසි

Generic placeholder image

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


Jan
6

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබේ

Generic placeholder image

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 12 වනදා දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. එම තීන්දුව අද දින ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එම නඩුව අද කඳවූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ […]


Jan
6

ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යයි

Generic placeholder image

ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යනවා. එසේ අපතේ යන ආහාර අවසානයේ දිරාපත්වී වායුගෝලයට මීතේන් පවා එකතු කරනවා. ආහාර අපතේ යාමට අමතරව මීතේන් එකතුවීම ද බරපතල පාරිසරික ප්‍රශ්න බව සඳහන් කළ යුතුයි. 18 වැනි ශතවර්ෂයේ අග භාගය දක්වා ම බොහෝ කෘෂිකාර්මික බිම්වලින් ඉතිරිවන බෝග එකතු කිරීමට දුප්පතුන්ට අවස්ථාව තිබුණා. නමුත් අද […]


Jan
6

20 වැනි සංශෝධනය අහෝසි කළ යුතුයි – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

Generic placeholder image

20 වැනි සංශෝධනය වහාම අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. දේශපාලන හොරුන්ට පක්ෂයක් ජාතියක් නොමැති බවද ඔහු පවසනවා. ප්‍රශ්නයක් උනොත් මේ රටේ දේශපාලන හොරු එකට එකතු වන බවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.


Jan
5

වසර 07 කට පසු සතොස ලාභ ලබන තත්ත්වයට – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Generic placeholder image

හත් වසරකට පසු සතොස ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වසරේ අවසන් කාර්තුව වන විට ලංකා සතොස රුපියල් මිලියන 45 ක ලාභයක් අත්කරගෙන ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.


Jan
5

ඔමික්‍රෝන් පැතිරුණහොත් ලංකාවත් අමෙරිකාව, ඉන්දියාව වගේ වෙයි – විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි

Generic placeholder image

සියලු දෙනා බුද්ධිමත්ව කටයුතු කලේ නැත්නම් අමෙරිකාව සහ ඉන්දියාව තුළ ඇති කොවිඩ් ඔමික්‍රෝන් තත්ත්වයට ශ්‍රී ලංකාවද පත්විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද කොවිඩ් ආසාදිත බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටිනවා.


Jan
5

රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Generic placeholder image

රට තුළ ක්‍රියාත්මක වන්නේ අන්ත දූෂිත පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම සමගි ජනබලවේගයේ අරමුණ බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ. ඒ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින්.


Jan
5

ආසාදිතයින් 629ක්

Generic placeholder image

තවත් කොවිඩ් ආසාදිතයින් 629ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළගොස් තිබේ.


Jan
5

ප්‍රදේශ කිහිපයකට වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මුලතිව් සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ […]


Jan
3

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද

Generic placeholder image

නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. අද පස්වරු 5.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වෙයි.


Jan
3

අද යළි වැසෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව

Generic placeholder image

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට යළි වසා දැමෙනවා. තාවකාලිකව තෙල් පිරිහදුව වසා දැමුවද, රට තුළ ඉන්ධන හිඟයක් ඇති වන්නේ නැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කලේ. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ පිරිපහදුව යළි වසා දැමීමට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ විශයභාර අමාත්‍යවරයා බවයි. අද වැසෙන තෙල් පිරිපහදුව යළි මේ මස අග වන […]


Jan
3

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]


News Articles
Latest Videos
Most Popular Post