News Line| Off Air
Generic placeholder image

Sep
22

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ

Generic placeholder image

ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹුණු තීරණ පහත පරිදි වේ..


Sep
21

කොළඹ ඇවිල්ලා හම්බකරන්න පුලුවන්,දිනන්න බෑ

Generic placeholder image

කොළඹ ජීවිතය ගැන අපි අමුතුවෙන් ඔබට තේරුම් කර දිය යුතු නැත.. බොහෝ දෙනා කොළඹ එන්නේ ජීවිතය දිනන්න හිතාගෙන.. ඒ අතර සමහරු ජීවිතය දිනාගත් බව සදහන් කරයි.. සමහරු පරාජිත හැගීමෙන් සිටියි.. සමහරු දින ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි.. ඒ ගැනයි මේ කතාව..


Sep
21

ආසාදිතයින් 918ක්

Generic placeholder image

අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 918ක් හදුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
21

කොවිඩ් මරණ 66ක්

Generic placeholder image

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
21

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පෙබරවාරි මාසයේදී ඉන්දීය තරග සංචාරයක නිරත වීමට නියමිත අතර ඒ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ අනුව, තරගාවලියට ටෙස්ට් තරග 02ක් සහ පන්දුවාර 20යි 20 තරග 02ක් ඇතුළත් වන බවයි පැවසෙන්නේ.


Sep
21

ආසාදිතයින් 1,047ක් සුවය ලබයි

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,047ක් සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 234,140ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
21

බදියුදීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


Sep
21

ෆයිසර් එන්නත් මිලියන 14 ක් ඇනවුම් කරයි

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවට 03 වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය Pfizer එන්නත් මාත්‍රා මිලියන 14ක් ඇනවුම් කර ඇතැයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සදහන් කරනවා.


Sep
21

උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කෙරේ

Generic placeholder image

2020 උසස් පෙළ විභාගය සමත් වී විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගන්නා ප්‍රතිශතය නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනීම සදහා www.ugc.ac.lk වෙබ් අඩවියට පිවිසෙන්න..


Sep
21

මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම්

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික මහතා ඇසු පැනයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


Sep
21

ගුරුවරුන්ගේ රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

Generic placeholder image

රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකි වෙනවා.


Sep
21

ජයන්ත කැටගොඩ මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගනු ලැබූ ජයන්ත කැටගොඩ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා මෙලෙස […]


News Articles
Latest Videos
Most Popular Post