News Line| Off Air
Generic placeholder image

Sep
21

සුජීවට තානාපති තනතුරක්

Generic placeholder image

මෙවර ටෝකියෝ උළෙලේ සංවිධායක මඩුල්ල නියෝජනය කල එකම ශ්‍රී ලාංකිකයා වූ සුජීව ජයන්ත විජයනායක මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය මගින් ජපානයේ BRAND Ambassoder තනතුර පිරිනමා තිබෙනවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති මෙම උත්සවයට ගරු තානාපති සංජිව ගුණසේකර මහතා නියෝජ්‍ය තානාපති ගරු චන්දන වීරසේන මහතා ඇතුළු තානාපති කාර්යාලයේ […]


Sep
21

පාර්ලිමේන්තුව අද සහ හෙට රැස්වෙයි

Generic placeholder image

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර මේ අනුව අද සහ හෙට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.


Sep
21

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Sep
20

කොවිඩ් මරණ 93ක්

Generic placeholder image

කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
20

රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට

Generic placeholder image

රුසියාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. සිසුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.


Sep
20

ආසාදිතයින් 836ක්

Generic placeholder image

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 836ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


Sep
20

නීති විරෝධීව ගෙන්වන ලද සිගරට් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ බලකායේ අණ දෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමන වර්ධන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි මූළස්ථාන අරුණ කටුගම්පල මහතාගේ අධීක්ෂණය යටතේ මූලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර කුලසේකර මහතාගේ නායකත්වයෙන් යුතුව පොලිස් පරීක්ෂක ජයලත් මහතා ඇතුළු […]


Sep
20

ඉතාලි සංචාරය නිමකර අගමැති යළි දිවයිනට

Generic placeholder image

නිල සංචාරයක් සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද යළි දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරන ගුවන් යානයෙන්.


Sep
20

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතුයි – තලෙබාන්වරු කියයි

Generic placeholder image

කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති සදහන් කරනවා. මේ අනුව රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවට වාර්තා වෙන අතර කෙසේ වෙතත් තලෙබාන්වරු මිට පෙර පවසා තිබුනේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවයි.


Sep
20

වීරකැටියේ සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර එහිදී දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Sep
20

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට

Generic placeholder image

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ගෙන එනු ලැබුවා. ඒ අනුව මාත්‍රා 73,000ක් අද මෙරටට ගෙන එනු ලැබුවා. ඒ, නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිටයි.


Sep
20

යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන

Generic placeholder image

යුධ හමුදාවේ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදු කෙරෙන ස්ථාන,


News Articles
Latest Videos
Most Popular Post