News Line| Off Air
Generic placeholder image

Sep
8

ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිදදාත් විවෘතයි

Generic placeholder image

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ ව්වෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරනවා.


Sep
8

විකට් යන යන සැරේට වාස් අයියා කොහෙද මේ දුවන්නේ

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ජාති ආගම් කුල භේදයකින් තොරව බලන ක්‍රීඩාවක්.. එකම ශ්‍රී ලාංකිකයින් පිරිසක් විදියට ජය පතන ජය බලාපොරොත්තුවෙන් සිටින දෙයක්.. ඒ ගැන අමුතුවෙන් කිව යුතු නැත.. දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලිය 2-1 ලෙස ජය ගැනීමට ඊයේ අපිට හැකි වුණා.. අද කතාව මේ ගැනයි..


Sep
8

මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20 -29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු 20-29 ත් පිරිසට ද එන්නත් ලබා දීම අද ආරම්භ කර තිබෙනවා


Sep
8

ආසාදිතයින් 1,691ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
8

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කණ්ඩායමට සුබ පතමින් ජනපතිගෙන් ට්ව්ටර් සටහනක්

Generic placeholder image

සංචාරක දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ට්ව්ටර් සටහනක් තබමින් සුබ පැතුම් එක් කර තිබෙනවා. අදාල ට්ව්ටර් සටහන පහතින්,


Sep
8

වැව් සහ අමුණු 1,400ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

Generic placeholder image

ඉකුත් මාස 07 ක කාලය තුළ වාරි සෞභාග්‍යා ජාතික වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් සහ අමුණු 1,400ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙනවා.


Sep
8

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් රැඳවියන් 41ක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර බන්ධනාගාරයක හටගත් ගින්නකින් රැඳවියන් 41 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට මේ වන විට කරුණු තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.


Sep
8

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
8

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සෙවීමට භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

Generic placeholder image

ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඇති වූ භූ කම්පන තත්ත්වය පිළිබද සෙවීම සදහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇති බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය සදහන් කරනවා.


Sep
8

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඔක්සිමීටර් තොගයක් රේගුව භාරයට

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ඔක්සිමීටර් තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා. පෙට්ටි 21 ක අසුරන ලද ඔක්සිමීටර් 4,200 ක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර , එහි වටිනාකම රුපියල් 2,344,642 ක් ලෙස වාර්තා වෙනවා.


Sep
8

ලෝක සාක්ෂරතා දිනය අදයි

Generic placeholder image

ලෝක සාක්ෂරතා දිනය අදට යෙදී තිබෙනවා. 1996 වසරේ සිට යුනෙස්කෝ සංවිධානය මෙම දිනය නම් කර තිබෙනවා. ලෝක සාක්ෂරතාවය අතින් ශ්‍රී ලංකාව ඉහල ස්ථානයක සිටින අතර ඒ සදහා මෙරට විධිමත් හා අවිධිමත් අධ්‍යාපන ක්‍රමවේදයන් බලපා තිබෙනවා.


Sep
8

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික […]


News Articles
Latest Videos
Most Popular Post