News Line| Off Air
Generic placeholder image

Sep
6

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන අතර මිය යන විට ඔහු 68 වන වියේ පසුවුවා.


Sep
5

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට ඇරඹේ

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20-29 පුද්ගලයින් එන්නත්කරණය හෙට (06) සිට ඇරඹෙනවා. මේ අනුව අදාල දිස්ත්‍රික්කවල දැනට එන්නත්කරණය සිදු කරන ස්ථානවලදීම එන්නත් ලබා දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
5

අද මේ දක්වා ආසාදිතයින් 2,564ක්

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,564 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,023ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Sep
5

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියත්මක වන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
5

දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාවට

Generic placeholder image

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අතර ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා […]


Sep
5

තවත් සයිනොෆාම් එන්නත් තොගයක් මෙරටට රැගෙන එයි

Generic placeholder image

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන හතරේ පළමු කොටස අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ විශේෂ ගුවන් යානයෙන්.


Sep
5

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහමාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද […]


Sep
3

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය මාසයකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.


Sep
3

අවිශ්කට වැදුනු බෝල පාර ප්ලෑන් එකක් ද?

Generic placeholder image

ඊයේ පැවැති දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 14 කින් තියුණු ජයක් හිමි කරගත්තා. අපි සියලු දෙනාම බලාපොරොත්තුවෙන් සිටි ඒ ජයග්‍රහණය ට මග පැදු ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ සුභාෂිංශන… අද කතාව මේ ගැනයි..


Sep
3

කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

Generic placeholder image

මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,


Sep
3

ලබන ඉරිදා සහ සඳුදාත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි

Generic placeholder image

ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය සේවා වල නිරත වන නිලධාරීන්ට ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවසර ලබා දී ඇතැයි ද, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.


Sep
3

නවසීලන්ත සුපිරි වෙළඳසැලක පිහි ඇණුමක් – ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

Generic placeholder image

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳසැලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. අදාල පිහි ඇනුමට සම්බන්ධ සැකකරු ශ්‍රී ලාංකිකයෙක් බව එරට පොලීසිය සදහන් කරනවා. ප්‍රහාරයට සම්බන්ධ සැකකරු එරට පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post