දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දරුවන්ට වැළදෙන MIS – C නමැති රෝගී තත්වයක් වාර්තා වෙමින් පවතින බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත පවසන්නේ මේ රෝගී තත්වය කොරෝනා වෛරසය ආසාදනය වූ දරුවන්ට සති 2-6ත් අතර කාලයෙන් පසුව වාර්තා වන බවයි පැවසෙන්නේ. මේ පිලිබදව වැඩි දුරටත් වෛද්‍යවරයා සදහන් කරන්නේ, කොරෝනා […]
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ව සැප්තැම්බර් 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාසය සිදු කල වැටලීමකදී. එහි තිබී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 602ක් හා පරිගණයක්, මුද්‍රණ යන්ත්‍රයක්, ජංගම දුරකතන 03ක් STF භාරයට ගෙන තිබෙනවා.
ගුරු – විදුල්පති වැටුප් වැඩිවීම අයවැය මගින් අදියරගතව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාස සඳහා රුපියල් 5,000 ක දීමනාවක් ලබා දීමට ද තීරණය කර තිබෙනවා.
ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහත පරිදි වේ.
රුපියල් මිලියන 2321කට අධික හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද අලුයම බේරුවලට ආසන්න ගැඹුරු මුහුදු ප්‍රදේශයෙ දී නාවික හමුදාවේ බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය සමග එක්ව සිදුකල වැටලීමකදී.
මෙරට ක්‍රියාත්මක කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,
ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය වන වී, සහල් සහ සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ලෙස මේජර් ජෙනරාල් එම්. එස්. පී නිවුන්හැල්ල මහතා පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබද විස්තර පහතින්,
තවත් ස්පුට්නික් V එන්නත් මාත්‍රා 15,000ක් දිවයිනට ගෙන විත් තිබෙනවා. ඒ අද අලුයම ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයකින්.
දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට සහ අනිද්දා දිනයේ විවෘතකිරීමට නියමිතව තිබෙනවා. ඒ තොග වෙළෙඳුන් සඳහා පමණයි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා සූර්යයා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (31) දහවල් 12.10 මරිච්චුක්කාඩි, තන්තිරිමලේ, මැදවච්චිය සහ […]