කොරෝනා ආසාදිතව සිටි තවත් 2096ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 320810 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 8.30 ට ජාතිය ඇමතීමට නියමිත බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා.
ශ්‍රී ලංකාව හා සංචාරක දකුණු අප්‍රිකාව අතර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 02 වෙනිදා සිට සජීවීව සියත tv තුලින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ඔබට නැරඹීමට අවස්ථාව හිමි වනවා. පසුගියදා පැවැත්වූ ඉන්දීය තරගාවලියේදී ද මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ සියත අප නාලිකාව වන අතර එම ජයග්‍රාහී මාධ්‍ය මෙහෙවර මෙම තරගාවලිය සදහා ද අප ලබාදීමට කටයුතු කරන අතර ඒ සදහා එක් […]
අද රාත්‍රී 10 සිට මෙම මස 30 වැනි දා දක්වා රට අගුළු දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් එක් කරමින් සදහන් කර සිටිනවා.
කොවිඩ් – 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබද දළ සටහනක් පහතින්,
යුධ හමුදාව විසින් දිවයිනේ ස්ථාන ගණනාවකදී අද එන්නත්කරණය සිදුකරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. එන්නත්කරණය සිදුකරන ලබන ස්ථාන පහතින්,
සායනික ඔක්සිජන් රැගෙන ඒම සදහා ශ්‍රී ලංකා නාවික ශක්ති’ නම් නෞකාව ඉන්දියාව බලා පිටත්ව ගිය අතර මේ වන විට එම නෞකාව ඔක්සිජන් රැගෙනචෙන්නායි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් ව තිබෙනවා.. මිට අමතරව ඉන්දීය නාවික හමුදාවට අයත් ශක්ති’ නම් තවත් නෞකාව ක් ද ඔක්සිජන් රැගෙන විශාඛාපට්නම් වරායෙන් මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සිදු කෙරෙන දිනය පසුව දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ.
මෙරටින් තවත් කොරෝනා මරණ 186ක් වාර්තා වී තිබෙනවා. ඊයේ(18) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 111 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 75 දෙනා කාන්තාවන් වෙනවා.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසයට සෞඛ්‍ය සේවකයින් ගොදුරුවීමේ වැඩි අවදානමක් මතුවීම හේතුවෙන්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඒ පිලිබදව සාකච්ඡාවක් ඇතිව තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත් වලත්මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් […]
අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ලක් රුපියල් 1998 මුදලකට සතොස හරහා online oder කිරීම මගින් ගෙන්වා ගැනීමට අවස්ථාව හිමි වන බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. 1998 අංකය ඇමතීම මගින්ද මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් සහන මල්ල සතොස හරහා නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.