News Line| Off Air
Generic placeholder image

Aug
11

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට සැලසුම්

Generic placeholder image

ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය ජනතා සහභාගිත්වයකින් තොරව සිදුකිරීමට තීරණය කර තිබෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සදහන් කරනවා. ඒ පවතින කොවිඩ් අවදානම හේතුවෙන්. ඒ අනුව පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර එය අගෝස්තු 17 වන දින දක්වාත් අගෝස්තු 18 වන දින පළමු […]


Aug
11

බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ඇරඹෙයි

Generic placeholder image

බස්නාහිර වයස අවුරුදු 60ට වැඩි ජනතාව එන්නත්කරණය අද සිට යළි ආරම්භ කෙරෙනවා. මේ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා. එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින්,


Aug
11

යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් අද එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථාන පහත පරිදි වේ.


Aug
11

අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ් මරණ ගණන 100 ඉක්මවයි

Generic placeholder image

අඛණ්ඩව දෙවන දිනටත් මෙරට කොවිඩ් මරණ ගණන 100 ඉක්මවා ගොස් තිබෙනවා. පෙරේදා දින තහවුරු කර ඇති අතර එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,340ක් දක්වා ඉහළගොස්තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
11

ස්පුට්නික් එන්නත් මාත්‍රා 15 000 මෙරටට රැගෙන එයි

Generic placeholder image

රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.


Aug
11

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. […]


Aug
10

විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කෙරේ

Generic placeholder image

පවතින කොරෝනා අවදානම හේතුවෙන් විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කර තිබෙනවා. මේ අතරඅත්‍යාවශ්‍ය සේවා වලට සම්බන්ධ නොවන කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර සංචරණය කිරිමට අවසර හිමි නොවේ. අද සවස් කාලයේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


Aug
10

රිෂාඩ් යළි රිමාන්ඩ්

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ ඔහුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි


Aug
10

ආසාදිතයින් 2,644ක් සුවය ලබයි

Generic placeholder image

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
10

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශය හිමි කරගෙන තිබෙනවා. ඒ 4ට 1ක් ලෙසයි. ඊයේ පැවැති අවසන් තරගය ලකුණු 60 කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 62 ක් […]


Aug
10

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන්

Generic placeholder image

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන් හමුව තිබෙනවා. මාර්බර්ග් නමින් හදුන්වන මෙම වෛරසය ආසාදිත වුවහොත් මරණයට පත්වීමේ ප්‍රතිශතය සියයට 80 ක් බවයි සැලකෙන්නේ. මෙම වෛරසයේ ආසාදිතයින් අප්‍රිකානු ගිනීයා රාජ්‍යයෙන් වාර්තා වී ඇති අතර මෙම මාරාන්තික වෛරසය සත්වයන්ගෙන් මිනිසාට බෝ වන බවයි පැවසෙන්නේ.


Aug
10

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post