News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
11

ස්පුට්නික් එන්නත් මාත්‍රා 15 000 මෙරටට රැගෙන එයි

Generic placeholder image

රුසියාවේ නිෂ්පාදිත ” ස්පුට්නික් V” එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණයක් අද (11) අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඒ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.


Aug
11

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මි.මී. 100 ට වැඩි තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. […]


Aug
10

විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කෙරේ

Generic placeholder image

පවතින කොරෝනා අවදානම හේතුවෙන් විවාහ මංගල උත්සව සඳහා සහභාගී වීය හැකි උපරිම අමුත්තන් ගණන 50කට සිමා කර තිබෙනවා. මේ අතරඅත්‍යාවශ්‍ය සේවා වලට සම්බන්ධ නොවන කිසිදු පුද්ගලයෙකුට පළාත් අතර සංචරණය කිරිමට අවසර හිමි නොවේ. අද සවස් කාලයේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.


Aug
10

රිෂාඩ් යළි රිමාන්ඩ්

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. ඒ ඔහුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි


Aug
10

ආසාදිතයින් 2,644ක් සුවය ලබයි

Generic placeholder image

අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරන අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Aug
10

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශයට

Generic placeholder image

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය බංග්ලාදේශය හිමි කරගෙන තිබෙනවා. ඒ 4ට 1ක් ලෙසයි. ඊයේ පැවැති අවසන් තරගය ලකුණු 60 කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශය සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8කට ලකුණු 122ක් රැස් කල අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 62 ක් […]


Aug
10

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන්

Generic placeholder image

එබෝලා වෛරසයට සමාන තවත් මාරාන්තික වෛරසයක් අප්‍රිකාවෙන් හමුව තිබෙනවා. මාර්බර්ග් නමින් හදුන්වන මෙම වෛරසය ආසාදිත වුවහොත් මරණයට පත්වීමේ ප්‍රතිශතය සියයට 80 ක් බවයි සැලකෙන්නේ. මෙම වෛරසයේ ආසාදිතයින් අප්‍රිකානු ගිනීයා රාජ්‍යයෙන් වාර්තා වී ඇති අතර මෙම මාරාන්තික වෛරසය සත්වයන්ගෙන් මිනිසාට බෝ වන බවයි පැවසෙන්නේ.


Aug
10

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


Aug
10

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,


Aug
10

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙන්න

Generic placeholder image

ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින් දැක්වේ.


Aug
10

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්න

Generic placeholder image

යුද හමුදාවේ දායකත්වයෙන් අද ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ මධ්‍යස්ථාන පහත පරිදි වේ .


Aug
10

කැලණි ගඟට කුණු දමන්නන් සොයා CCTV කැමරා සවි කිරීමට සැලසුම්

Generic placeholder image

කැලණි ගඟට කුණු දමන්නන් සෙවීම සදහා CCTV කැමරා සවි කිරීමට පියවර ගන්නා බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ පරිසර අමාත්‍යාංශයෙන් මෙහෙයවන ”සුරකිමු ගංගා වැඩසටහන” යටතේයි.


News Articles
Latest Videos
Most Popular Post