පවතින කොරෝනා වෛරස් අවදානම සැලකිල්ලට ගනිමින් දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන්නැයි දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් සිදු කරනු ලබනවා. මේ පිලිබදව අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සදහන් කලේ, “දුම්රියේ ගමන් කිරීමේ දී තදබදයකින් තොර දුම්රිය තෝරාගැනීමට කටයුතු කරන ලෙසත්, දුම්රිය තුළ ගමන් කිරීමේ දී මුඛ ආවරණ […]
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගයවිටින් විට පැ.කි.මී. (40-50) පමණ දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි […]
ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක දෙපාර්තුමේන්තුවේ මහජන සබදතා කවුළුවේ සේවයේ නියුතු නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා එම ගොඩනැගිල්ලේ පිහිටි මහජන සබදතා කවුළු 2021.08.11 දින සිට 2021.08.20 දින දක්වා වසා තැබෙන බව මහජනතාවට දැනුම් දෙනු ලබනවා. අදාල නිවේදනය පහතින්,
අද (09) දිනය තුළ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,928ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
මේ වන විට ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර ලෙස ඉහල යමින් පවතින කාල වකවානුවක සිටින අපි කෙතරම් මෙයින් ප්‍රවේසම් විය යුතු ද යන්න පිලිබදව මේ කතාවත් අහලා බලන්න..
කොරෝනා ආසාදිතව සිටි 2,161 ක් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇතිබව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මේ දක්වා සුවය ලබා ඇති මුළු ආසාදිතයින් ගණන 295,518ක්.
අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇස්තමේන්තු කළ ඉලක්කයෙන් 94% කට පළමු මාත්‍රාව ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරනවා.
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. නාගලගම්වීදිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 20 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරනු ලැබූ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රීරෝදරථ රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් සිදු කරනු ලබනවා. ඒ රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යාමේදී ත්‍රීරෝද රථ රියදුරන් විමසිලිවන්ත විය යුතු බවයි. එලෙස ත්‍රීරෝද රථ වලට ගොඩ වන ඇතැම් අය අපරාධකරුවන් විය හැකි බැවින් ඒ පිලිබදව වහා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ත්‍රීරෝද රථ රියදුරන් ට දැනුම් දෙනු ලබනවා. ඊයේ දිනයේදී ද එවැනි සිදුවීමක් වාර්තා වී […]
මගී තදබදය අවම කිරීමේ අරමුණෙන් අද දුම්රිය ගමන් වාර 130 ක් ධාවනයට සැලසුම් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
සංකූලතා නොමැති අවදානම් කාණ්ඩ වලට අයත් නොවන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල රඳවා ගනිමින් ප්‍රතිකාර කිරීම අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වයස අවුරුදු 02 සිට වයස අවුරුදු 65 දක්වා වයස් වල පසුවන සංකූලතා නොමැති කොරෝනා ආසාදිතයින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල සිට ප්‍රතිකාර කිරිම මේ අනුව සිදු වෙනවා. දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාම නිසා රෝහල් […]