News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ […]


Aug
5

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවයක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින් සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ, “මේ වෙනකොට රාජ්‍ය සේවයේ සිටිනවා අවුරුදු 18 සහ 30 අතර යම් පිරිසක් එන්නත ලබානොගත්. ඒ සියලු දෙනාට කඩිනමින් එන්නත් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය […]


Aug
5

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක්

Generic placeholder image

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා. රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල පරීක්ෂණ සදහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට ප්‍රකාශ කරන බවයි පැවසෙන්නේ.


Aug
5

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

Generic placeholder image

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දිවයින පුරා රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම මිට ප්‍රධාන හේතු ලෙස ඔවුන් පෙන්වා දෙනවා.


Aug
5

බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වදී

Generic placeholder image

බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා. එහිදී අකුණු සැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ. බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.


Aug
5

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණය කෙරේ

Generic placeholder image

අද උදෑසන සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කල වැඩ වර්ජනය පැය 04 කට අධික කාලයක් පැවතුණු අතර මේ වන විට එම වැඩ වර්ජනය අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.


Aug
5

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගැනේ

Generic placeholder image

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍යය අමාත්‍යාංශය සදහන් කරනවා.ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්ක ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස මෙලෙස හදුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව දැඩි වශයෙන් ඒ පිලිබදව අවදානයෙන් කටයුතු කල යුතු බවයි පැවසෙන්නේ. විශේෂයෙන්ම ජලය ඇති ස්ථානවල මදුරු කීටයන් හඳුනා ගැනීම […]


Aug
5

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබා දීම යළි අද සිට

Generic placeholder image

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත ලබා දීම යළි අද සිට ආරම්භ කරනවා. ඒ, රෝහල් සහ එන්නත්කරණ මධ්‍යස්ථාන 6 කදී. ඒ අනුව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි. ඩී. එච්. රෝහල, අවිස්සාවේල්ල දිසා මහ රෝහල සහ විහාර මහා දේවී උද්‍යානයේදී එන්නත්කරණයට යොමු විය හැකි බවයි.


Aug
5

රුපියල් 500යේ ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග කාන්තාවක් අත් අඩංගුවට

Generic placeholder image

රුපියල් 500යේ ව්‍යාජ මුදල් නෝට්ටු 17ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුදුකුඩිඉරිප්පු සුගන්දිපුරම් ප්‍රදේශයේදී. අත් අඩංගුවට ගත් 41 හැවිරිදි කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Aug
5

දිවයින පුරා රෝහල් තුළ අද වෘත්තීය ක්‍රියාමාර්ගයක්

Generic placeholder image

දිවයින පුරා රෝහල් 600ක පමණ අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සදහන් කරනවා. ඒ සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල අනිවාර්යයෙන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් රජය නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිවයි.


Aug
5

තවත් කොවිඩ් මරණ 82ක්

Generic placeholder image

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 82ක් පෙරේදා (3) තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,727ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Aug
5

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලට විටින් විට වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) […]


News Articles
Latest Videos
Most Popular Post