News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
21

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙට මෙරටට ලැබීමට නියමිත අතර ඒ අනුව මේ දක්වා මෙරටට ලැබුණු සමස්ත සයිනොෆාම් මාත්‍රා ගණන ලක්ෂ 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අදාල එන්නත් මාත්‍රා තොගය දිවයින පුරා දිස්ත්‍රික්ක ගණනාවක බෙදාහැරීමට නියමිතයි.


Jul
21

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත්

Generic placeholder image

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අද දසවන දිනටත් ක්‍රියාත්මකයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඉකුත් දා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්හ කල අතර කෙසේවෙතත් ගුරු වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි ක්ෂණික ව වැටුප් ඉහළ දැමිය නොහැකි බවය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.


Jul
21

මධ්‍යම චීනයට දරුණු ගංවතුර තත්ත්වයක් – පුද්ගලයින් 12 ක් මරුට

Generic placeholder image

මධ්‍යම චීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් චීනයේ, හෙනාන් ප්‍රාන්තයේ මේ වන විට පුද්ගලයින් දස දහසක් පමණ අවතැන් වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කර සිටින්නේ. මධ්‍යම චීනයේ උමං දුම්රිය ගමන් සහ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙනවා.


Jul
21

ලොව ධනවත්ම මිනිසා අභ්‍යවකාශ තරණය කරයි

Generic placeholder image

ලොව ධනවත්ම මිනිසා වන ජෙෆ් බේසස් අභ්‍යවකාශය තරණය කර තිබෙනවා. අන්තර්ජාල අලෙවි සමාගමක් වන ඇමසන්හි නිර්මාතෘවරයා වන මොහු සහ ඔහුගේ සොයුරු මාර්ක් බේසස්, අභ්‍යවකාශ ගමන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ 82 හැවිරිදි වොලී ෆන්ක් සහ 18 හැවිරිදි සිසුවෙකු වන ඔලිවර් ඩේමන් ද මේ චාරිකාවට එක්ව සිටියා.


Jul
21

හජ් උත්සවය අදයි

Generic placeholder image

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට යෙදී තිබෙනවා. හජ් උත්සවය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරන්නේ ඉස්ලාමීය බැතිමතුන්ට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඤාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කර සිටින බවයි.


Jul
21

ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය […]


Jul
20

හෙරොයින් සමග කාන්තාවක් අත් අඩංගුවට

Generic placeholder image

හෙරොයින් සමග කාන්තාවක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.


Jul
20

නව ගෑස් සිලින්ඩරයේ මිල අඩු කෙරේ

Generic placeholder image

ලීටර් 18 නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.


Jul
20

තවත් ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කෙරේ

Generic placeholder image

අද (20) උදෑසන 6 සිට ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ, කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙණිය වත්ත හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර උතුර පොලිස් බලප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර 710 යන ප්‍රදේශය හුදකලා බවින් මෙලෙස ඉවත් කර තිබෙනවා.


Jul
20

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. බස්නාහිරපළාතෙවැසි ස්වල්පයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකර යේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය […]


Jul
18

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ කොටුව ජනාධිපති මන්දිරය දී. එහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jul
18

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල […]


News Articles
Latest Videos
Most Popular Post