ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. මීට පෙර ඒ මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර තිබෙනවා.
විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලක් සොයා පොලිසිය මහජන සහය පතනවා. අදාල පුද්ගලයා සොරකම සිදු කරන අකාරය අසල ඇති cctv දර්ශන තුල සටහන් වී තිබෙන අතර අදාල පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,
ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ඇති වූ අන්දොලානාත්මක සිද්ධියට සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඉකුත් දා අත් අඩංගුවට ගෙන තිබුණා.
නොරොච්චෝල ආලන්කුඩාව ප්‍රදේශයේදී බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි උපතින්ම ආබාධ තත්වයේ පසු වූ කාන්තාවක්. බාල සොහොයුරා බීමතින් පැමිණ මව හා බහින් බස් වීමක් සිදුව ව තිබෙන අතර එහිදී කෝපයට පත් බිමත් සහෝදරයා නිදාසිටි 43 හැවිරිදි සිය බාල සහෝදරියට පොල්ලකින් පහර […]
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කිරිම ඇතුළු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඊජිප්තුවේ ඇලියෝබියා පළාතේ සිදු වූ දුම්රිය අනතුරිකින් මගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දුම්රිය පිලී පැනීමකට ලක්ව මෙම අනතුර සිදුව ඇති අතර ගෙවුණු කාලය තුල එරට සිදු වූ දුම්රිය අනතුරු වලින් 35 කට ආසන්න පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් යළිත් කොරෝනා ආසාදිතයින් ඉහල ගොස් තිබෙනවා. එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ 63 ක් ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර ගම්පහින් නව ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි. මේ අතර විදේශ රටවල සිට මෙරටට ආ ලාංකිකයන් 70 ක් ද කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් […]
කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් අද සැලසුම් කර තිබෙනවා. “Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්ත වන අතර එය අත්හදාබැලීම අද සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.
ලබන 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිහි කරමින් කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කිරීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් හේතුවෙන් හෙට පස්වරු 4.00 සිට අනිද්දා දවහල් 12.00 දක්වා කාලය තුල දේවස්ථානය අසල මාර්ග කිහිපයක ගමනාගමනය සිමා කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහායි. ඔහුට සුළු ශෛල්‍යකර්මයක් ද සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි වාර්තා වන්නේ.
පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සදහා උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. . අදාල එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත […]