News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක්

Generic placeholder image

ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් තිදෙනෙක් යතුරුපැදිකරුවන් බවයි පැවසෙන්නේ. ගෙවුණු සතිය තුල රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා.


Apr
21

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක්

Generic placeholder image

ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,


Apr
21

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ වැරදිකරු ලෙස සුදු ජාතික ෂෝවින් නම් කෙරේ

Generic placeholder image

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය පිලිබදව චෝදනා ලැබ සිටි සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබෙනවා. එම තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එල්ල වූ සියලු චෝදනා වලට එම ජූරි සභාව මගින් ඔහු වරදකරු කර […]


Apr
21

ඉන්දියාවේ මේ දක්වා වාර්තා වූ දෛනික වැඩිම ආසාදිතයින් හා මරණ ගණනක් ඊයේ දිනයෙන්

Generic placeholder image

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් ගණනක් හා කොවිඩ් මරණ ගණනක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුවගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර වාර්තා වෙන මරණ ගණන 2020ක්. මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාව පුරාම පැතිරමින් ජනතාව දැඩි පිඩාවට පත් කරමින් සිටින මොහොතක් බවයි විදෙස් […]


Apr
21

කැරොලයින් ජූරි අත්හැරී රූ රැජින කිරුළ අයර්ලන්තයේ කේට් ෂයින්ඩර්ට

Generic placeholder image

2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම විවාහක රූ රැජින කිරුළ අත් හැරීමට තීරණය කර අතර එම තීරණය තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් […]


Apr
21

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය එල්ල වී අප්‍රේල් 21 එනම් අදට වසර 2ක් සපිරෙනවා. ලොවම කම්පා කරවූ මෙම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි […]


Apr
21

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]


Apr
20

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ රාත්‍රියේ රාජගිරියේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් .


Apr
20

විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටීම නිසා උරන වූ පිරිසක් විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට පහර දෙයි

Generic placeholder image

මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ දී විදුලි කණුවක් නිවසක් මතට කඩා වැටිම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ සේවකයින් හා උරන වී එම ප්‍රදේශයේ පිරිසක් විසින් නිවසට කඩාවැටුණු විදුලි කණුව ඉවත් කිරීමට එම ස්ථානයට පැමිණි විට ඔවුන් හා කෝපයට පත් ව ඔවුන්ට පහර දී තිබෙනවා. මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ මහනුවර ශාඛාවේ නඩත්තු අංශයේ නිලධාරී […]


Apr
20

මේ අයි ගෝ ටු ද ටොයිලට්

Generic placeholder image

සමහර දේවල් වලට අපි කරන ලද මෝඩ වැඩ පිලිබදව අපිම කතා වෙනවා.. නමුත් සමහරක් වේලාවට අපි කරන ඒ මෝඩ වැඩ නිසා යම් වෙනසක් වෙන්නත් පුළුවන්.. මේ කතාවත් ඒ ගැනයි..


Apr
20

ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා මරණ 1761ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක් වසා දැමීමට ද එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. ඊයේ දිනය තුළ ඉන්දියාවේ දෛනික ආසාදිතයින් 256,947ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1,761ක්. ගත වූ පැය 24 තුල ඉන්දියාවේ කොරෝනා මරණ 1761ක් වාර්තා වී අතර එරට මේ දක්වා සිදුව […]


Apr
20

ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුවෙයි

Generic placeholder image

ගසක එල්ලී සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් කැලණිය පුදබිම අසල භූමියේ තිබී හමුව තිබෙනවා. අදාල පුද්ගලයා 45ක් පමණ වයසැති පුද්ගලයෙකු වන අතර ඔහු බීමතින් සිට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාල පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.


News Articles
Latest Videos
Most Popular Post