News Line| Off Air
Generic placeholder image

Apr
20

දිවයින පුරා සවස් වරුවේ තද වැසි

Generic placeholder image

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් […]


Apr
19

කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

අප්‍රේල් 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර දෙකක් සපිරීම හේතුවෙන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකර පෙරවරු 8.45ට මිනිත්තු 02ක නිශ්ශබ්දතාවක් පවත්වන ලෙස කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.


Apr
19

අගෝස්තු පාසල් නිවාඩුව සතියකට සීමා වෙයි

Generic placeholder image

2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සදහන් කරනවා.විෂය මාලා ආවරණය කර ගැනීමට අවශ්‍ය හෙයින් එම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.


Apr
19

අප්‍රේල් 21 සියලු කතෝලික පාසල්වලට නිවාඩුවක්

Generic placeholder image

අප්‍රේල් 21 දිවයින පුරා සියලු කතෝලික පාසල්වලට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.


Apr
19

ෆෝට් ෂිටි

Generic placeholder image

අපි හැමෝම සමාජයේ සෑම දෙයක් පිලිබදව අවදානයෙන් සිටිය යුතුය. ඔබ දන්නා නොදන්නා දේ පිලිබදව පැහැදිලි අපැහැදිලි තැන් පිලිබදව නිරාකරණය කරගත යුතුය.. අද කතාව ඒ පිලිබදවයි


Apr
19

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස මොහාන් සමරනායක මහතා වැඩ අරඹයි

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා. මීට පෙර ඒ මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර තිබෙනවා.


Apr
19

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලයෙක් සොයා පොලිසිය මහජන සහය පතයි

Generic placeholder image

විහාරස්ථානයකට ඇතුළු වී මුදල් හා දේපල සොරාගත් පුද්ගලක් සොයා පොලිසිය මහජන සහය පතනවා. අදාල පුද්ගලයා සොරකම සිදු කරන අකාරය අසල ඇති cctv දර්ශන තුල සටහන් වී තිබෙන අතර අදාල පුද්ගලයා සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,


Apr
19

කැරොලයින් සහ චූලා ඇප මත මුදා හැරේ

Generic placeholder image

ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. විවාහක රූ රැජිණ තේරීමේ තරගයේ ඇති වූ අන්දොලානාත්මක සිද්ධියට සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මොවුන් ඉකුත් දා අත් අඩංගුවට ගෙන තිබුණා.


Apr
19

බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කෙරේ

Generic placeholder image

නොරොච්චෝල ආලන්කුඩාව ප්‍රදේශයේදී බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති පුවතක් වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි උපතින්ම ආබාධ තත්වයේ පසු වූ කාන්තාවක්. බාල සොහොයුරා බීමතින් පැමිණ මව හා බහින් බස් වීමක් සිදුව ව තිබෙන අතර එහිදී කෝපයට පත් බිමත් සහෝදරයා නිදාසිටි 43 හැවිරිදි සිය බාල සහෝදරියට පොල්ලකින් පහර […]


Apr
19

නාකොටික් නිලධාරීන් ඇතුළු 20දෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

Generic placeholder image

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කිරිම ඇතුළු චෝදනා යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


Apr
19

ඊජිප්තුවේ සිදු වූ දුම්රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඊජිප්තුවේ ඇලියෝබියා පළාතේ සිදු වූ දුම්රිය අනතුරිකින් මගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දුම්රිය පිලී පැනීමකට ලක්ව මෙම අනතුර සිදුව ඇති අතර ගෙවුණු කාලය තුල එරට සිදු වූ දුම්රිය අනතුරු වලින් 35 කට ආසන්න පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


Apr
19

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post