වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයක ඇති වූ ගින්නකින් නිකුත් වූ දුමාරය ආඝ්‍රණය වීමෙන් පසු අදාළ සිසුන් විවිධ ආසාත්මිකතාවන්ට ලක්ව ඇති බව සදහන්.
ඔවුන් වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර, ක්ලාන්තය, ඇඟ කැසීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ සිසුන්ට පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළා.