News Line| Off Air
Generic placeholder image

Mar
5

මීළග බිම්ස්ටෙක් සමුළුව ලංකාවේ දී

1035 Views


මීළග බිම්ස්ටෙක් සමුළුව ලංකාවේ දී

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බිම්ස්ටෙක් මහලේකම් එම්. සහිදුල් ඉස්ලාම් මහතා මහතාට නිල වශයෙන් දැනුම් දෙනවා.

මහලේකම්වරයා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කෙරුණා. 2018-2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. සමුළුව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙනවා.
බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු 01-03 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු අතර එහිදී බිමස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළැඹිණා.

බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 කින් සමන්විත කලාපීය හවුලකි.මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශි‍්‍රත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාවය ඇති කිරීමයි.

බිම්ස්ටෙක් මූලිකව ක්ෂේත්‍ර 14 ක් ආවරණ වන පරිදි පැවැත්වුණ අතර, මේ වන විට එය ක්ෂේත්‍ර 07 දක්වා අඩුකර තිබෙන අතර ශ්‍රී ලංකාව විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ නායකත්වය සපයයි. බංග්ලාදේශය වෙළඳ හා ආයෝජන, භූතානය පරිසර හා කාලගුණික විපර්යාසය, මියන්මාරය කෘෂිකර්ම සහ ආහාර සුරක්ෂිතතාව, ඉන්දියාව ආරක්ෂාව, නේපාලය අන්තර් පුද්ගල සබඳතා සහ තායිලන්තය සබඳතා ක්ෂේත්‍රයට නායකත්වය දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post