News Line| Off Air
Generic placeholder image

Mar
5

දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් ?

746 Views


දුම්රිය රියදුරන්ගේ වර්ජනයක් ?

හෙට දිනයේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළා.

අසනීප නිවාඩු වාර්තා කර සිය සාමාජිකයන් හෙට දිනයේ එම වෘත්තීය කි‍්‍රයාමාර්ගයේ නිරත වන බව එහි ප‍්‍රධාන ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවා.

දුම්රිය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් දුම්රිය රියදුරන් ඉලක්ක කර ගනිමින් අමාත්‍ය විමල් වීරවංශ කළ ප‍්‍රකාශයක් මුල් කර ගනිමින් එය කි‍්‍රයාත්මක කරන බවද දුම්රිය රියදුරන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා පැවසුවා.

දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් දුම්රිය තුළ රාජකාරී සදහා යෙදවීම නිසා දුම්රිය රියදුරන්ට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමට අවස්ථාවක් නොමැතිවීම හේතුවෙන් ඔවුන් දුම්රිය ප‍්‍රමාද කිරීම් සිදුකරන බව ඉකුත්දා විමල් වීරවංශ අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post