News Line| Off Air
Generic placeholder image

Mar
5

සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට

5125 Views


සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට

දිවයින පුරා ළමුන් 20, 000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්ව තිබෙනවා.

ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නමැති කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දක්.

දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මානශිලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවිම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් එම කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු වනවා.

ළමයින්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක් ලබාදීම මෙම කෘතිය රචනා කිරීමේ මුලික අරමුණ වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post