News Line| Off Air
Generic placeholder image

Mar
5

කොරෝනා හේතුවෙන් ලොවපුරා මිලියන 290ක ළමුන්ගේ පාසල් ගමන නතර වෙයි

1227 Views


කොරෝනා හේතුවෙන් ලොවපුරා මිලියන 290ක ළමුන්ගේ පාසල් ගමන නතර වෙයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග ලොවපුරා මිලියන 290ක ළමුන්ට පාසැල් යාමට අවස්ථාව අහිමි වී තිබෙනවා.

වෛරසයේ ව්‍යාප්තියත් සමග චීනය, හොංකොං, දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය ඇතුළු ලොව රටවල් 13ක පාසැල් වසා දැමීමට එම රටවල් තීරණය කරනු ලැබුවා.

මේ හේතුවෙන් මිලියන 290.5ක ළමුන් පිරිසකට පාසැල් අධ්‍යාපනය තාවකාලිකව නතර කර ඇති බව විදෙස් වාර්ත පවසනවා.

මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයද සිය රටේ පාසැල් වසා දැමීමට තීරණය කරනු ලැබූ බව සදහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානි Audrey Azoulay ප්‍රකාශ කර සිටියේ අර්බුධකාරී වාතාවරණය හමුවේ ලොවපුරා ළමුන්ගේ අධ්‍යාපනය සඳහා වන අයිතිවාසිකම් උල්ලංඝණය වෙමින් පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post