නව කොරෝනා වෛරසය ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
ඇය මේ වන විටත් ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති අතර මරණ 107ක් වාර්තා වී තිබෙනවා.
එම සංඛ්‍යාව වෛරසය හේතුවෙන් චීනයේ පිටත රටක සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.