News Line| Off Air
Generic placeholder image

Mar
5

කොරෝනා වැළදුනු බවට සැකසහිත බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

1660 Views


කොරෝනා වැළදුනු බවට සැකසහිත බිළිදා යහපත් සෞඛ්‍ය තත්වයෙන්

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට බදුල්ල මහ රෝහලට ඇතුළත් කල කුඩා දරුවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බව එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා සදහන් කළා.

ඒ මහතා පැවසුවේ මාස 07 ක් වයසැති අදාල බිළාදාගේ ඛේට සහ රුධිර සාම්පල පරීක්ෂණ සදහා යොමු කර ඇති බවයි.

යම් හෙයකින් කොරෝනා වෛරසය ආසදානය වි ඇත්දැයි තහවුරු කර ගැනීම සදහා පමණක් මෙම පරික්ෂාවන් සිදු කරන බව වෛද්‍යවරයා සදහන් කලා.

බිළිදාගේ මව හා පියා ද මේ වන විට පසු වන්නේ බදුල්ල මහ රෝහලේ විශේෂ නිරීක්ෂණය යටතේයි.

මෙම බිළිදා සිය පවුලේ සාමාජිකයින් සමඟ පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණ තිබෙනවා.

දකුණු කොරියාව ඉතාලිය හා චිනයේ සිට පැමිණෙන පුද්ගලයන් දැඩි පරික්ෂාවට ලක් කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කලේ.

මේ අතර රටවල් 76 කට වඩා වැඩි ප‍්‍රමාණයක මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තව තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය අසාධනය වීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3293 ක් වන අතර මුළු ආසාධිතයින් සංඛ්‍යාව 95,825 ක් ලෙස වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post