මුහුදේදී සොයා ගත් ගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය සැකකරුවන් හා යාත‍්‍රාව අද පෙරවරුවේ දිවයිනට රැුගෙනවිත් තිබෙනවා.
මෙරට සිට කිලෝමීටර් 1111ක් දුර සිට මෙම යාත‍්‍රාව රැගනවිත් ඇති බව නාවික හමුදාව සදහන් කළා.
හොරොයින් කිලෝ ග‍්‍රෑම් 400 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක් පසුගිය දෙවනදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාව සහ පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදීයි.
හෙරොයින් තොගය සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට ඉරාන හා පකිස්ථාන ජාතිකයින් ද ඇතුළත්.
දකුණු මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 75 ක් සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 66 ක් සොයා ගත්තේ පසුගිය 29 වනදායි.
එම මත් ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් පස් දෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබුණා.
බෝට්ටුවකින් රැගෙනආ මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීම සඳහා වෙරළ තීරයේ රැඳී සිටි පිරිසක්ද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරට අයත්.
ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන වලින් අනතුරුව ගැඹුරු මුහුදේදී බහුදින ධීවර යාත‍්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 330 සහ අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 50 සොයා ගෙන තිබෙනවා.
හොරොයින් තොගය පාර්සල් 329 ක අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මෙහෙයුම අවසන් වන විට හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 400 ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර වටිනාකම රුපියල් කෝටි 600 කට ආසන්නයි.
මෙරට ඇස්තමේන්තුගත ජනගහනයෙන් කවර හෝ මත්ද්‍රව්‍යයක් හෝ මත්පැන් භාවිත කරන වයස අවුරුදු 18ට අඩු පිරිමි ළමුන් සංඛ්‍යාව 293,826ක්.
වයස අවුරුදු 18ට අඩු ගැහැනු ළමුන් 2,046ක් ද මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට හෙලිව තිබෙනවා.
2018 වර්ෂයේ සංඛ්‍යාත්මක දත්ත අනුව, ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 59,75607 දෙනෙක් හෙරොයින්, ගංජා, මත් පෙති, සිගරට් ආදී කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිත කරන බවට හෙළිව තිබෙනවා.
ඔවුන් අතරින් බස්නාහිර පළාතේ මත්පැන් හෝ මත්ද්‍රව්‍යය භාවිත කරන මුලූ ජනගහනය 18,52572 ක්.
ඒ අනුව දිවයිනේ සෙසු සියලූ පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නා බව හෙළිව තිබෙනවා.