හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක ඇතුළු 12දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද පස්වරුවේ ලබා දීමට නියමිතයි.
අදාළ දොළොස් දෙනාට විදෙස් ගමන් තහනමක්ද කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණ විසින් පනවා තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝෂියස් ඇතුලූ කිහිපදෙනෙක් අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය 03 වනදා දැනුම් දුන්නා.
ඒ 2015 පෙරවාරි මාසයේදී සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත‍්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනා යටතේයි.
පර්පචුඅල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධෂ්‍යක්ෂ සරත්චන්ද්‍ර ද අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දුන්නා.
පර්පචුවල් ට‍්‍රෂෙරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කලේ 2018 වසරේ පෙබරවාරි මස 04 වනදායි.
2019 වසරේ ජනවාරි මස පළමු වනදා ඔවුන්ට ඇප හිමි වුණා.